මැලේසියාවට අයත් MH17 ගුවන් යානය කඩා වැටීමට හේතු වූ කරුණු නිශ්චිත වශයෙන් අනාවරණය වී තිබේ.
ඒ, එම ගුවන් යානයෙහි කළු පෙට්ටිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ය.
එය පරීක්ෂා කළ බ්‍රිතාන්‍ය විශේෂඥයින් පවසන්නේ, මිසයිල ප්‍රහාරයක් එල්ල වීමෙන් ගුවන් යානය සිදුරු වී ඇති බව ය.
ඉන් ඇති වූ පීඩනය හේතුවෙන් යානය පුපුරා ගොස් ඇතැයි ඔවුහු පවසති.
කෙසේ වෙතත්, මෙම මිසයිල ප්‍රහාරය කුමන පාර්ශවයක් විසින් එල්ල කරනු ලැබුවා ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.
රුසියානු කැරලිකරුවන් සහ යුක්රේන කැරලිකරුවෝ ඒ සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කරමින් සිටිති.
MH17 ගුවන් යානය අනතුරට ලක්වීමෙන් එහි සිටි පුද්ගලයින් 298 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.