-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මේ වන විට ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයෙන් මුදා ගැනීම සඳහා සංස්ථාව සතු ජා ඇල ඒකල පිහිටි අක්කර 71 ක ඉඩම විකිණීමට අනුමැතිය ඉල්ලා ජන මාධ්‍ය හා ප‍්‍රවෘත්ති ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍ය මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
සංස්ථාව නවීකරණය කිරීම, අතිරික්ත සේවකයින් සඳහා ස්වේච්ඡ වන්දි ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කිරීම, සංස්ථාවේ ගුවන් විදුලි නාළිකාවල වැඩසටහන් වල අන්තර්ගතය පෞද්ගලික නාලිකා සමඟ තරඟ කළ හැකි ලෙස වැඩි දියුණු කිරීම එසේ අලෙවි කිරීමෙන් ලැබෙන මුදලින් සිදු කිරීම සඳහා යෝජනා කර ඇත.
ගුවන් විදුලි සංස්ථාව මේ වන විට ලබන පාඩුව පියවා ගැනීම සඳහා කෙටි කාලීන පියවරක් ලෙස මහා භාණ්ඩාගාරයෙන් වාර්ෂිකව රුපියල් කෝටි එක හමාරක මුදලක් ලබා ගැනීමට ද ඇමතිවරයා යෝජනා කර තිබේ.
සංස්ථාවේ ප‍්‍රධාන කාර්යාලයේ සිට විකාශණය කෙරෙන ගුවන් විදුලි නාළිකා 7 නාළිකා 4 දක්වා අඩු කිරීමට ද යෝජනා කර ඇත.
සංස්ථාව මාසිකව රුපියල් එක් කෝටි විසි ලක්ෂයක ආදායමක් ලැබූවද සංස්ථාවේ සේවක වැටුප් හා විදුලි බිල සඳහා රුපියල් පන් කෝටි විසි ලක්ෂයක මුදලක් වැය වන බව ඇමති රඹුක්වැල්ල මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week