-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


අසල්වැසි නිවසේ ඇති කරන බල්ලාගේ බිරිල්ල නවතා දමන ලෙස යාපනයේ පදිංචි ඇමරිකානුවෙකු විසින් ‍පොලීසියට පැමිණිලි කිරීමේ පුවතක් පසුගිය සතියේ මාධ්‍යය තුලින් විශාල ප්‍රචාරයක් ලබාදී තිබුණි.

එම පුවතට අනුව යාපනයේ ක්‍රියාත්මක ජල යෝජනා ක්‍රමයක ව්‍යාපෘති ඉංජිනේරුවරයෙකු ලෙස රැකියාව කරන ඇමරිකානු ජාතික ජේම්ස් ‍ප්‍රෝනින් නැමැත්තෙකු පසුගිය 18 දා මෙම පැමිණිල්ල ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ යාබද නිවසේ ඇති කරනු ලබන සුනඛයා දවසේ කාල වේලාවක් නැතිව බුරන බවත් එයින් තම දෛනික වැඩකටයුතුවලට බාධා ඇති වන බවත්ය. 


පසුව මෙම පැමිණිල්ල විභාග කිරීමෙන් පොලිසියේ තීන්දුව වුයේ යාබද නිවසේ බල්ලා ගෙදරින් පිටමන් කලයුතු බවයි.

එම පැමිණිල්ල එතනින් නිමා වුවත් එම පැමිණිල්ල අමෙරිකානුවාටම නැවතත් පාරාවල්ලක් වී ඇත්තේ එයට ලැබුණු අනවශ්‍යය මාධ්‍යය ප්‍රසිද්ධිය හේතුවෙනි.

ඒ සම්බන්ධව ඇමෙරිකානු ජාතික ජේම්ස් ප්‍රෝනින් පවසන්නේ මෙවැන්නකි.

"මේ සිද්ධිය ඉතා සුළු දෙයක්..මම පොඩි පැමිණිල්ලක් දැම්මා විතරයි..නමුත් මාධ්‍යය මෙය ලොකු දෙයක් කරගත්තා...මේ ගෙදර අයිතිකාරයෝ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ...මාධ්‍යය ප්‍රචාරය නිසා එයාලත් මට කතා කළා..මම කැමති නැහැ තවත් ඒ ගැන කතා කරන්න.."

පොඩි සිද්ධියක් නම් ඇයි ඔබ පොලිසි ගිහින් පැමිණිලි කරේ?
මේකනේ රෑ 11 ඉදන් පාන්දර තුන වෙනකන් බල්ලෙක් බුරද්දී අසල්වැසියෝ කොහමද නිදාගන්නේ..මගේ රටේ මෙහෙම බල්ලෝ ඇතිකරන්න බැහැ...මගේ රටේ මෙහෙම සිද්ධියක් උනාම පොලිසියට දැනුම් දීල අවශ්‍යය පියවර ගන්නවා..ඒ අනුව තමයි මම මෙහෙදී වැඩ කලේ..
 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week