පසුගිය දිනක එක්තරා සතිඅන්ත පුවත් පතක ටැබ්ලොයිඩ් අතිරේකයක මාධ්‍ය වේදියකු ලෝචනා ඉමාෂිව බයිට් කිරීමට ගොස් නාගත් පුවතක් වාර්තා වේ.
මේ මාධ්‍ය වේදියා විසින් ලාබ විහිලුවක් යොදාගනිමින් ලෝචනාව බයිට් කිරීමට ගොස් මේ අකර තැබ්බයට පත්වූ බව පැවසේ.
මේ නාගැනිල්ලේ තරම කොතෙක්ද යත් අදාල සිද්ධියෙන් පසුව ලෝචනා කේෂ්ත්‍ර යේ බොහෝ දෙනෙකු හා පවසා ඇත්තේ දැන් සිටින ගොඩක් මාධ්‍ය වේදියෝ මෝඩයෝ බවයි.
සිද්ධිය සැකවින් මෙසේය.
මාධ්‍ය වේදියකු විසින් ලෝචනාට දුරකඨන ඇමතුමක් දෙමින් මෙසේ පවසා ඇත.
"අපි මේ කතා කරන්නෙ 'දි සෙමට්ට්‍රි' කියල ප්‍රඩක්ෂන් හවුස් එකකින්...
ලෝචනා - ආ... ඔව් කියන්න.
මාධ්‍ය වේදියා - අපට 'භූතාහේ' කියල මිනීපෙට්ටි සාප්පුවකින් TV කමර්ෂල් එකක් ඇවිල්ල තියෙනවා...
ලෝචනා - ඉතින්...
මාධ්‍ය වේදියා - ඉතින් අපි ඒකේ මේන් රෝල් එකට ඔයාව තෝරගෙන ඉන්නවා...
ආනේ එහෙමද?
ලෝචනා - ඒත් මම ඒ වගේ ඇඩ් කරන්නෙ නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ මේකයි ඔයාලට වෙලාව තිබුණට හතර වටේට කතා කර කර මිනිස්සුන්ව බයිට් කරන්න, මට වෙලාවක් නෑ ඔයාලට බයිට් වෙන්න.
මාධ්‍ය වේදියා - අයියෝ ලෝචනා එහෙම කතා කරන්න එපා. මේ ඇඩ් එක හරහා සමාජ සේවයකුත් වෙනවා...
ලෝචනා - මොකක්ද මිනී පෙට්ටි ඇඩ් එකකින් වෙන සමාජ සේවය (ලෝචනාට ටිකක් තරහ ගිහින්)
මාධ්‍ය වේදියා - මේකයි සීන් එක. ගොඩක් මිනීවලින් එන කම්ප්ලේන් එකක් තමයි සමාදානේ සැතපේවා කියල වළ දැම්මට හරියට සැතපෙන්න බැරිලු ඇණ ඇනෙන නිසා. ඉතින් මේ 'භූතාහේ' කියන කම්පැනි එකෙන් හරි ප්‍රමිතියට මිනී පෙට්ටියක් හදල...
ලෝචනා - මරු සමාජ සේවයක් තමයි ඒක.
මාධ්‍ය වේදියා - ඉන්නකො කියන්න. අපි ඇඩ් එක හරහා ප්‍රමෝට් කරන්නෙ මිනිය වළෙන් නැඟිටල භූතයෙක් වෙලා ඇවිත් මිනිසුන්ව බය කරනව. ඇණ ඇනෙන පෙට්ටිවල වළ දැම්ම කියල...
ලෝචනා - හරි හරි මට දැන් තේරෙනව ස්ටෝරි බෝර්ඩ් එකත් මොන වගේද කියල. හිතාගෙන ඉන්නෙ මම බයිට් වෙනව කියලද? අපරාදෙ ඔයාගෙ මහන්සිය.
මාධ්‍ය වේදියා - මම තාම කතාව කියල ඉවර වුණේ නෑ. එතකොට ලෝචනා මිනිස්සු භූත දෝෂවලට බයේ හරි ප්‍රමිතියක් තියෙන මිනීපෙට්ටි ගන්නවනෙ.
ලෝචනා - මරු අදහස. දැන් මට තේරෙනව. මම තමයි වළෙන් නැඟිටල ඇවිත් මිනිසුන්ව බය කරන්න ඕනෙ, "ඇයි මාව 'භූතාහේ' පෙට්ටිවල වළ දැම්මෙ නැත්තෙ?" කියල. කොස්ටියුම් එහෙම ඔයාල දෙනවනෙ නේද?
මාධ්‍ය වේදියා - ඔව්, ඔව්. ඒව ඔක්කොම අපි දෙනව...
ලෝචනා - අනේ මේ වැඩ නැද්ද නිකං කාලෙ කන්න. ඔයාගෙ ෆෝන් බිල ගෙවන්නෙ පොලීස්සියෙන්ද? ඕකත් එක්තරා විදියක මානසික ලෙඩක්.
මාධ්‍ය වේදියා - අපි මේ 'භූතාහේ' මිනී පෙට්ටි එකක් ගන්න කොට එකක් 'ෆ්‍රී' දෙනව. මේ ප්‍රමෝෂන් එක තියෙන්නෙ ඔක්තෝබර් 31දා වෙනකල් විතරයි.
ලෝචනා - හරි එහෙනම් ඔයා මෙහෙම කරන්න. තව වැඩි දවසකුත් නෑනෙ ප්‍රමෝෂන් ඉවරවෙන්න. අර 'ෆ්‍රී' දෙන මිනී පෙට්ටිය අරගෙන දැම්ම වුණත් කමක් නෑ ඔයා සමාදානේ සැතපෙන්න. අපිට වද දෙන්නෙ නැතිව.
අප වාර්තා කළා බයිට්වී ඇත්තේ කවුදැයි ඔබ තීරණය කරන්න..






