-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ජනතා විමුක්ති පෙරමුණේ 07 වන මහ සමුළුව පසුගියදා පැවැත්වූ අතර එහිදී අනුර කුමාර දිසානායක මහතා එම පක්ෂයේ නව නායකයා ලෙස පත්විය.

එදින අනාගත ශ්‍රී ලංකාව දියුණු විය යුත්තේ කෙසේද යන්න පිලිබඳ ජනතා විමුක්ති පෙරමුණ විසින් සකස් කරන යෝජනාවලිය එළි දැක්වුනේ "අපේ දැක්ම" ලෙසිනි.

එය ඉදිරි කාලයේ ජනතා විමුක්ති පෙරමුණ යටතේ ආණ්ඩුවක් බිහිවුවහොත් ඔවුන් විසින් අනුගමනය කරනු ලබන ප්‍රතිපත්තිමාලාවයි.

එම ප්‍රකාශනයේ 12 වන පිටුවෙහි දක්වා ඇත්තේ සියලු පුරවැසියන්ට අන්තර්ජාල පහසුකම නොමිලේ ලබා දෙන බවකි. අන්තර්ජාලය සම්බන්ධව එම ප්‍රකාශනයේ ඇති වගන්ති දෙක පහතින් වේ.

විද්‍යා හා තාක්ෂණ 
  • තොරතුරු තාක‍ෂණය හා අන්තර් ජාලය පිළිබඳ අවබෝධය ලබාගැනීම හා ඒවා භාවිතය පුරවැසියාගේ අයිතියක් ලෙස පිළිගනු ලැබේ. 
  • සියළු පුරවැසියන්ට නොමිලේ අන්තර්ජාල පහසුකම් සපයනු ලැබේ 

මෙය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ගැටළු තිබිය හැකිවුවත් අනෙකුත් දේශපාලන පක්ෂද සිය ප්‍රතිපත්ති මාලාවන් සකස් කිරීමේදී එවන් යෝජනා සම්බන්ධව අවධානය යොමුකරන්නේ නම් තරුණ පරපුරේ ප්‍රසාදය දිනාගත හැකිවග පැහැදිලි කරුණකි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos