දකුණු ඉන්දියාවේ හිටපු අමාත්‍යවරයකු වන එස්.ඒ. රමාඩා කාන්තාවක දුෂණය කළ බවට චෝදනා ලැබීම හේතුවෙන් සිත් තැවුලට පත්ව සිය දිවි නසාගැනීමට තැත් කිරීම නිසා රෝහල්ගත කර තිබේ.
මිසොරේහි පිහිටි නවාතැන්පොළකදී ඔහු ගෙළ වැළලාගෙන මෙලෙස සිය දිවි හානිකර ගැනීමට තැත් කර ඇතැයි එරට වාර්තා පවසයි.
35 හැවිරිදි එරට කාන්තාවක විසින් ඇයගේ සැමියා මියගිය පසු උදව් ඉල්ලීමට අමාත්‍යවරයා වෙත ගිය අවස්ථාවේදී ඇයව දුෂණය කළ බවට චෝදනා කර ඇත. ඉන්පසුව ඊට විරෝධය දක්වමින් වරින් වර උද්ඝෝෂණ ද පවත්වා තිබුණි.