-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ස්වර්ණවාහිනියෙන් විකාශය වූ ඇන්ඩ් කොම්පැනි නාටක මාලාව හදිසියේම නවත්වා තිබේ.

ඒ එහි රඟපාන රවීන්ද්‍ර යසස්, ජෙනරාල් සරත් ෆොන්සේකාගේ පක්ෂයෙන් මෙවර බස්නාහිර පලාතට තරග වදින නිසාය.

පසුගියදා පුවත්පත් සාකච්චාවකදී අදහස් දැක්වූ රවීන්ද්‍ර යසස් පවසා තිබුනේ දේශපාලනයට පැමිණීමත් සමග කළා ලොව ඔහුට "කැපීම්" සිදුවූ බවය.  

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් තරඟ වැදීම ගැන ඔහු එම පුවත්පතට පවසා තිබුනේ මෙලෙසින්

"මම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් තරග කරන්නේ මේ පවතින නීතියක් ධර්මයක් නැති සමාජය වෙනස් කරන්න අපට හැකි පමණින් දායක වෙන්න වුවමනා නිසයි. අද නීතිය වල් වැදිලා, සමාජය වල්මත් වෙලා. හැමතැනම සමාජ අසාධාරණය, සමාජ විෂමතාව රජ කරනවා.

මේ තත්ත්වය හැමදාමත් බලා ඉන්න බැරි නිසයි, මේ හැම දේකින්ම පීඩා විඳින මහජනතාව වෙනුවෙන් පාරට බැස්සේ. අපිට අපේ ජයග්‍රහණය ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ජය ගන්න බැරි වුණත් අපි අපේ විරෝධය මේ තුලින් සමාජය හමුවට අරගෙන එනවා"

මේ අතර එම පක්ෂයෙන්ම තරඟ වදින ජගත් ඛෙනරගම රඟපාන පබසරා ටෙලිනාට්‍ය ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වෙමින් පැවති අතර හදිසියේම ඔහුගේ නලින්ද නම් චරිතය මරා දමා තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේදී උපේක්ෂා ස්වර්ණමාලි, සරත් ෆොන්සේකාගේ වේදිකාවට නැඟීමත් සමඟ ඇගේ චරිතයද පබා ටෙලිනාට්‍යයෙන් ඉවත්කර තිබුණි.

ඇන්ඩ් කොම්පැනි නාටක මාලාව හදිසියේම නවත්වා තිබෙන්නේ එහි මහජනයාගේ චරිතය මරා දැමිය නොහැකි බැවිනි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos