-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අනුන්ගේ තොරතුරු හොරෙන් ලබාගත හැකි (Spy) Android මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාත්මක වන App එකක් විකිණු තරුණයෙකු වැලිකඩ පොලීසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වී එෆ්.එම් නාලිකාවේ විකාශය වන "වී ලීක්ස්" නම් වැඩසටහන මගින් ලබා දුන් තොරතුරක් මත මෙසේ එම තරුණයා අත්අඩංගුවට පත්වී ඇත.

මෙසේ අත්අඩංගුවට පත්වුයේ මෙරට ප්‍රකට ජංගම දුරකථන සේවා ආයතනයක සේවයෙහි නියුතු රාජගිරිය ප්‍රදේශයේ පදිංචි වසන්ත පෙරේරා නමැති අයෙකි.

ඔහු මෙම App එක සම්බන්ධව ෆේස්බුක් හි පලකල දැන්වීම පහතින් බලන්න

ගර්ල් ෆ්‍රෙන්ඩ් ඔබට හොර කරනවද? 

  • ලැබුන ඇමතුම් , ගන්නා ලද ඇමතුම් දිනය වෙලාව සමග ඇමතුමේ සිටි කාලය දැනගන්න 
  • ලැබුණු එස්.එම්.එස් යවන ලද එම්.එම්.එස් දිනය හා වෙලාව සමග දැනගන්න 
  • ඕනෑම වෙලාවක ඉන්න ස්ථානය පිලිබඳ දැනගන්න 
  • ඉන්නා තැන ශබ්ධ වලට ඇයට නොදැනෙන්නට සවන් දෙන්න 
  • ඕනෑම වෙලාවක ඇයට නොදැනෙන්නට ෆොටෝ ගන්න 
  • ඇයට නොදැනෙන්නට ඇගේ ෆෝන් එකෙන්ම එස්.එම්.එස්. යවන්න 
  • ඇගේ ෆෝන් එකෙන්ම කෝල්ස් යවන්න 
  • සිම් මාරු කලොත් දැනගන්න 
  • ෆෝන් එක ලොක් කරන්න. 
  • ෆෝන් එකේ ස්ක්‍රීන් ෂොට් ගන්න 
  • ෆෝන් එකේ මෙමරි චිප් එක බලන්න 
Android දුරකතනයක් විය යුතුයි. ඉන්ස්ටෝල් කිරීම හා මොනිටර් කිරීම සම්පුර්ණයෙන්ම කියාදෙනු ලැබේ. ඕනෑම වාරයක් ඉන්ස්ටෝල් කිරීමට හා අන්ඉන්ස්ටෝල් කිරීමට කියාදෙනු ලැබේ. පසුව ඔබටම ඕනෑම දුරකතනයට දමාගත හැක.

අයකිරීම : රුපියල් පන්දහසයි

මෙම දැන්වීමේ ඇති කරුණු පිළිබඳව වී ලීක්ස් වැඩසටසටහනෙහි මාධ්‍යයවේදින් පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ මහතාගෙන් විමසු විට ඔහු පිළිතුරු දී ඇත්තේ ඉහත සඳහන් දේ සිදු කල නොහැකි බවත් එය සම්පුර්ණ වංචාවක් විය හැකි බවත් යනුවෙනි.

ඒ අනුව ඔහු වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති කමල් මහතා එම තරුණයා කොටු කිරීමේ මෙහෙයුමට අනුයුක්ත කොට ඇත. වී ලීක්ස් මාධ්‍යයවේදීයා උපාය දූතයෙකු ලෙස එම තරුණයාගෙන් android app එක මිලදී ගැනීමට යාමේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හෙළිවී ඇත්තේ එම තරුණයා විසින් විකුණා ඇත්තේ ස්පයි වර්ගයේ app එකක් නොව දුරකථනය නැතිවූ අවස්තාවක එය සොයාගැනීමට උදවු වන app එකක් (Antitheft) පමණක් බවය.

ඉහත සඳහන් ආකාරයේ ක්‍රියාවන් සිදු කල app හඳුන්වන්නේ anti theft app යනුවෙන් වන අතර එම වර්ගයේ app ගූගල් ප්ලේ ස්ටෝර් වෙතින් නොමිලේ භාගත කල හැක.

Anti theft වර්ගයේ ප්‍රසිද්ධ app කිහිපයක් පහතින් බලන්න
1) Avast Security 
2)Lookout
3)Cerberus
4)Prey
5)Android Lost 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week