-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පවුලේ විවාහයකදී දෙවැනි මනමාලිය ලෙස සිටි නාවලපිටිය ශාන්ත ඇන්ඩෘ බාලිකා විද්‍යාලයේ උසස්‌ පෙළ සිසුවියකගේ ඇහිබැම සකසා තිබුණැයි කෝප වූ එම විදුහලේ විනය බාර අචාර්යවරිය වන රන්ජනී ද සිල්වා ගුරුවරිය විසින් එම සිසුවියට දොස් පවරා පැය හතරක් අව්වේ තබා ඇත.

එයින් නොනැවතුන විනය බාර ආචාර්යවරිය ඒ පිලිබඳ විදුහල්පතිනියටද පැමිණිලිකොට ඇත. විදුහල්පතිනිය වන චම්පා ජානකි රත්නායකද ගෙන තිබුනේ විනය බාර ආචාර්යවරියට නොදෙවෙනි ක්‍රියා පිළිවෙතකි.

ඒ අනුව විදුහල්පතිනිය විසින් එම සිසුවියගේ ඇහි බැම වැඩෙන තෙක් සති දෙකක කාලයක් පුරා පන්ති තහනමට ලක්කොට ඇත. එයින් නොනැවතී එම විදුහල්පතිනිය විසින් අචාර්ය මඩුල්ලට උපදෙස් දී ඇත්තේ එම සිසුවිය නැවත පාසලට පැමිණි පසු කිසිදු පාසල නියෝජනය වන බාහිර කටයුත්තක් සඳහා සහභාගී කර නොගන්නා ලෙසිනි.

මෙවර අ.පො.ස. (උසස්‌ පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත එම සිසුවිය එම සිදුවීමෙන් මානසිකව ඇද වැටී රෝගී වී ඇත.

පවුලේ විවාහයේ දී චාරිත්‍රානුකූලව මෙම සිසුවියට දෙවැනි මනමාලිය ලෙස සිටීමට සිදුව ඇත්තේ වෙනත් කිසිවකු ඒ සඳහා නොසිටි නිසා බවද සඳහන් කරන එම සිසුවියගේ මව ඒ සම්බන්ධයෙන් මෙවර විභාගයට සූදානම්ව සිටින තම දියණිය වෙනුවෙන් සමාව ඉල්ලීමට විදුහල්පතිනිය හමුවීමට සූදානම් වුවද ඒ සඳහා ඉඩ නොදී ඇති අතර එම අවස්‌ථාවේ පාසලට ගිය ඇයගේ නැගණිය මෙම විනය භාර ආචාර්යවරිය ගෙන් සමාව ඉල්ලුවද ඇය එය ගණන් නොගත් බවද වාර්තා වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos