-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඝාතන තැතක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ මාස 9ක් වයසැති ළදරුවෙකු ලාහෝර් පොලීසිය විසින් ඊයේ එරට අධිකරණයකට ඉදිරිපත් කර තිබේ.
පකිස්ථානයේ ලාහෝර්හි පදිංචිකරුවන් පිරිසක් පොලිස් නිලධාරීන් පිරිසකට එල්ල කළ ප්‍රහාරයක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.
මෙම පහර දීම සිදුව ඇත්තේ, අදාළ ලාහෝර් පදිංචිකරුවන් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවකදී ය.
එහිදී පහර දීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරයෙකු අදාළ පවුලේ සියලු සාමාජිකයින්ට එරෙහිව නඩු පවරා තිබේ.
අදාළ විත්තිකරුවන් අතර මාස 9ක ළදරුවෙකු සිටින බව අනාවරණය වී ඇත්තේ, ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.
එහිදී එම ළදරුවා නිදහස් කරමින් විනිසුරුවරයා පවසා ඇත්තේ, මෙවැනි දරුවෙකු ඝාතනයක් කිරීමට උත්සහ කළ බවට කිසිදු ආකාරයකින් අධිකරණයට පිළිගත නොහැකි බව ය.
එම තීරණය දැනුම් දෙන අවස්ථාවේ මාස 9ක් එම විත්තිකාර ළදරුවා සිය මුත්තණුවන් සමග විත්ති කූඩුවේ සිට ඇත්තේ, සූප්පුවක් උරමිනි.
එම ළදරුවා විත්තිකරුවෙකු ලෙස නම් කළ පොලිස් නිලධාරියාගේ සේවය අත්හිටුවීමට එරට ළමා මානව හිමිකම් අමාත්‍යවරයා ක්ෂණිකව පියවර ගෙන ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos