පුද්ගලයින් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය වියට්නාමයේදී අනතුරට ලක් ව ඇතැයි, එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
වියට්නාම නාවික හමුදාව තහවුරු කර ඇත්තේ, යානය එරට පූකොක් දිවයිනට සැතපුම් 153ක් දකුණින් මුහුදට කඩා වැටී ඇති බව ය.
කෙසේ වෙතත් මලයාසියානු ගුවන් යානය අනතුරට ලක් ව ඇති බව මලයාසියාව තවම ත් තහවුරු කර නොමැත.
ජාතීන් 14කට අයත් පුද්ගලයින් 239 දෙනෙකු යානයේ ගමන්කර ඇති අතර එය අතරුදන්ව තිබුණේ, ක්වාලාලාම්පූර් සිට බෙයිජින් බලා පියාසර කරමින් සිටියදී ය.