ඔවූන්ගේ වැඩ නිසයි මම එදා අමාරුවේ වැටුණේ...
මේ දිනවල කාගේත් කතාබහට ලක්වෙන රංගන ශිල්පිනියක වන අංජලී ලියනගේ පසුගිය දවසක ෆේස්බුක් ඇබැද්දියක් නිසා මහත්සේ අපහසුතාවයට පත් වූ පුවතක් පිළිබදව තොරතුරු රැසක් අප වෙතත් දැනගන්නට ලැබුණා. මේ කතාවේ සත්‍යතාවය නිවැරැදිව පිළිබදව අංජලී විසින්ම හෙළිදරව්වක් කළේ මෙලෙසින්.
"අද බොහෝ නළු නිළියන් ෆේස් බුක් පරිහරණය කරනවා. ඒ හරහා අපට ආදරය කරන රසික රසිකාවියන් හමුවෙනවා. ඒ වගේ මට මගේ රසිකාවියන් දෙදෙනෙක් ෆේස් බුක් හරහා කතා කළා. කොහොම හරි මේ දෙන්නම මගෙන් රඟපාන්න අවස්ථාවක් ඉල්ලා සිටියා. දිගින් දිගටම ඉතින් මේ දෙන්න ආශාවෙන් රඟපාන්න ඉල්ලීම් කරන නිසා ඔවුන් ගේ දුරකථන අංක ඉල්ලාගෙන මා හොඳින් දන්නා හඳුනන ටෙලිනාට්‍යයක සහාය අධ්යක්ෂවරයකුට මේ දෙන්නා ගැන පවසා රඟපාන්න අවස්ථාවක් ලබාදෙන්න කටයුතු කළා.
කොහොම හරි සහාය අධ්යක්ෂවරයා මේ දෙන්නටම අමතලා ඔවුන්ගේ චරිත පැහැදිලි කරදී ෂූටින් තියෙන ලොකේෂන් එකට එන්න කියා තිබෙනවා. පළමුව දුරකථනයට කතා කළ රසිකාවිය අහල තියෙන්නෙ, "මට එන්න වාහනයක් එවන්නේ නැද්ද?" කියලයි. ඒක අහපු සහාය අධ්යක්ෂවරයා කියා තිබෙනවා වාහන දෙන්න බැහැ, බස් එකේ එන්න කියලා.
ඊට පස්සේ ඇය "මට ඔයාගෙ ඔය චරිතය රඟපාන්න බස් එකේ එන්න බැහැ, මට හයිබ්‍රිඩ් එකක් තියෙනවා" කියලා ඇය දුරකථනය විසන්ධි කර තිබෙනවා.
දෙවැනි රසිකාවියට කතා කළ විට ඇය "මට කීයක් චරිතය වෙනුවෙන් ගෙවනවාද?" කියල අහලා තියෙනවා. ඉතින් මෙය අහපු සහාය අධ්යක්ෂවරයා පුදුමයට පත්වෙලා. ඔහු මට කතාකර සියල්ල කීවා. මේ කතාවෙන් මාත් විශාල අපහසුතාවයකට පත්වුණා. අද කලා ලොවට එක්වෙන්නට යන තරුණ තරුණියන්ගේ ආකල්පය ගැන මේ කතාවෙන් හිතාගන්න පුළුවන් නේද?