බෝල්ට් ඇණ තොගයක සඟවා දිවයිනට රැගෙනවිත් තිබියදී සොයා ගත් හෙරොයින් තොගය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විමර්ශන ආරම්භ කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් දිවයිනට පැමිණි පාකිස්ථාන ජාතිකයෙකු සැක කරන බව ය.
ඔරුගොඩවත්ත, රේගු බහාලුම් අංගනයේ, පෙට්ටි දෙකක තිබී පෙරේදා සොයා ගත් එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 36 ක් පමණ වේ.
කිලෝග්‍රෑම් 36 ක බරින් යුත් එම හෙරොයින් තොගය ඇතුළත් පෙට්ටි කරච්චි නුවර සිට පාකිස්ථාන ජාතිකයෙකුගේ නමින් මෙරටට ගෙන්වා ඇති බව හෙළි වී තිබේ.