රුපියල් 38,000 ක මිලකට පිළිකා රෝගීන්ට ලබා දෙන පැක්ලි ඕල් (Pacliall) නමැති ඖෂදය ලබා දීමට සමාගමක් ඉදිරිපත් වී සිටියදී එම ඖෂධයම රුපියල් 78,000 බැගින් ලබා ගැනීමට ඇතැම් නිළධාරීන් කටයුතු කර ගෙන යන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
එම ඖෂධය රුපියල් 38,000 ක මුදලකටලබා දීමට ඉදිරිපත්ව ඇති සමාගමේ ලිපිගොනුව පවා අතුරුදන්ව ඇතැයි එම ආරංචි මාර්ග වලින් පැවසේ.
ඖෂධ එන්නත් 1000 ක් මාස හයක් තුළ රුපියල් 78,000 ක මුදලකට ලබා ගැනීමට මෙම ටෙන්ඩරය ලබා දෙන අතර එමගින් රුපියල් කෝටි 25 ක පමණ පාඩුවක් අමාත්‍යාංශයට සිදු වන බව ද කියැවෙයි.