-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මර්වින් සිල්වා ඇමැතිවරයා කැලණිය ශ්‍රී ලනිප ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ශ්‍රී ලනිප නායක ජනාධිපතිතුමා විසින් මා කැලණියේ තාවකාලික සංවිධායකවරයා ලෙස පත්කර තියෙනවායි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ මහතා එසේ පැවැසුවේ ඊයේ (6දා) දහවල් එම මහතාගෙන් කළ විමසුමකදීය.
ප්‍රසන්න රණතුංග බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය. කැලිණිය ශ්‍රී ලනිප ආසන සංවිධායක ලෙස මා කටයුතු කරන්නේ තාවකාලික සංවිධායකවරයකු ලෙසයි. කැලණියට නව සංවිධායකයෙක් පත්කරන තුරු හෝ නව තාවකාලික සංවිධායකවරයකු වශයෙන් කළයුතු සියලු කටයුතු කිසිම බාධාවකින් තොරව අඩුවක් නැතිව කරගෙන යන බව ප්‍රසන්න මහ ඇමැතිවරයා පැවැසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැන ගැනීමට මර්වින් සිල්වා ඇමැතිවරයා දුරකතනයට සම්බන්ධ කර ගැනීමට කිහිප විටක්ම උත්සාහ කළත් එය අසාර්ථක විය.
පසුගිය දිනක බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැතිවරයා කැලණිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් සිය නිල නිවෙසට කැඳවා එම මන්ත්‍රිවරුන් දැනුම්වත් කිරීමක් කර ඇත. එම දැනුම්වත් කිරීම පිළිබඳ කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රි වෛද්‍ය ජයන්ත කබ්රාල් මහතා මෙසේ පවසයි. මීට දින කිහිපයකට පෙරාතුව කැලණිය ප්‍රාදේශීය සභාවේ සහ පෑලියගොඩ නගර සභාවේ සියලුම ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් ප්‍රසන්න රණතුංග මහ ඇමැතිවරයාගේ නිල නිවෙසට කැඳවා දැනුම්වත් කිරීමක් කළා. එහිදී ඔහු පැවැසුවේ ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලනිප ප්‍රතිසංවිධාන කටයුතු බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා විසින් කරගෙන යන අතර කැලණියේ ශ්‍රී ලනිප තාවකාලික සංවිධායක ලෙස කැලණියේ කටයුතු තමා වෙත පවරා ඇති බවය. ඒ සඳහා සියලු දෙනාම එකමුතුවෙන් තමාට සහාය දක්වන ලෙසට ඉල්ලීමක් කළා. සියලු දෙනාම එයට එකඟ වුණා.

ජයන්ත කබ්රාල් මහතා වැඩිදුරටත් මෙසේ පැවැසීය. කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රි හසිත මඩවල ඝාතනයත් සමඟ එම ඝාතනයේ සැකය මර්වින් ඇමැතිවරයා වෙත එල්ල කළා. එම නිසා ඔහු කැලණිය ශ්‍රී ලනිප ප්‍රධාන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වුණා.

මේ වනවිට පක්ෂ නායකත්වය තේරුම් ගෙන තියෙනවා සැබෑ සිදුවීම. පොලිස් පරීක්ෂණවලින්ද හෙළිවී තියෙනවා. මේ වනවිට මර්වින් සිල්වා ඇමැතිවරයා නි‍ෙදාස් පුද්ගලයෙක් බව තහවුරු වී තියෙනවා. එදා සභාපතිවරයා මඩවල ඝාතකයාගේ මවට අඩන්තේට්ටම් නොකර සාධාරණ විසඳුමක් ලබා දුන්නා නම් හසිත මඩවල අදත් ජීවතුන් අතර සිටිනවා. මර්වින් ඇමැතිවරයා එදා සංවිධායක ධුරයෙන් අස්වුණේ තාවකාලිකවයි. ඔහුට නැවත කැලණියේ ශ්‍රී ලනිප සංවිධායක ධුරය ඉල්ලන්න හිමිකම තිබෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලනිප නායකත්වය විසින් පත්කරන සංවිධායකවරයා පිළිගැනීමට සූදානම් බවද ප්‍රසන්න රණතුංග මහතා කටයුතු කරන්නේ තාවකාලික සංවිධායකවරයෙක් ලෙස බවද පැවැසීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week