-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කාලයක් තිස්සේ අධික ලෙස බීමත්ව පැමිණ තමන්ට කරන හිරිහැර පහරදීම් ඉවසා දරාගත නොහැකිව බීමතින් නිදා සිටි සැමියාගේ හිසට පොරොවෙන් කොටා පොලිසියට ගොස් භාරවූ දෙදරු මවක පිළිබඳ අනුවේදනීය සිද්ධියක් හබරණ පොලිසියෙන් වාර්තා වේ.


සිද්ධියෙන් මියගොස් ඇත්තේ හතරැස්කොටුව, කිතුල්උතුව, සිංහගම ප්‍රදේශයේ සිංහල පේඩිගේ වීරසේන (46) නමැත්තෙකි.
වීරසේන යන අය ඝාතනය කොට පොලිසියට පැමිණි මියගිය අයගේ බිරිය වන සේනානායක මුදියන්සේලාගේ නදීකා සමන්මලී (29) යන අය පවසා සිටින්නේ සිද්ධිය වූ දින සවස 4ට පමණ හොඳ හැටි බීමත්ව පැමිණි තම සැමියා කෑමට උයා තිබූ මාළුපිනි සවුත්තු බව පවසා තමාට බැනවැදී හොඳටම පහරදුන් බවය. ඉන්පසු තමන් දුවගොස් අසල පාළු ගෙදරක රෑ වනතුරු සිටි බවත් රාත්‍රි 10ට පමණ යළි නිවසට පැමිණ බලද්දී සැමියා හා දරුවන් දෙදෙනාද නිදා සිටි අතර සැමියා අවදිව වෙනදා මෙන් තමන්ට දරුණු වද දෙන්නට පටන් ගනීවි යන බිය නිසා ඇඳ යට තිබූ දර පැළීමට පාවිච්චියට ගන්නා පොරොව ගෙන බෙල්ලට කෙටූ බවත් ඇය පවසා තිබේ.


සිද්ධිය වූ ස්ථානයේදීම මෙම පුද්ගලයා මරුමුවට පත්වී ඇති අතර පරීක්‍ෂණ පවත්වන පොලිසිය සඳහන් කරන්නේ මොහු අයි.ආර්.සී. කාරයකු ලෙස පොලිස් පොත්වල සටහන් වී ඇති බවත් මේ ඔහු සමඟ ජීවත්වන්නේ ඔහුගේ තුන්වන භාර්යාව බවත්ය.
කන්තලේ - හබරණ මාර්ගයේ සිංහගම ප්‍රදේශයේ ජීවත්වන මොවුන්ගේ ආදායම් මාර්ගය කැලෑවේ දර කපා ඒවා මිටි බැඳ මාර්ගයේ තබා යන එන වාහනවලට විකිණීම බවත් පැවැසේ.


අත්අඩංගුවට ගත් සැකකාරිය ඊයේ හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතව තිබිණි.
පොළොන්නරුව කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලක්සිරි විජේසේකර මහතාගේ නියෝග මත සහකාර පොලිස් අධිකාරි පරාක්‍රම ඒකනායක මහතාගේ උපදෙස් පිට හබරණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක හේමචන්ද්‍ර මහතාගේ මූලිකත්වයෙන් හතරැස්කොටුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක තිලකරත්න, උප පොලිස් පරීක්‍ෂක කුලතුංග යන මහත්වරු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවති.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos