-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ඒඩ්ස් රෝගින් 432 ක් 2012 වසර වන විට ශ්‍රී ලංකාවෙන් හදුනා ගෙන ඇතැයි සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක මහතා පාර්ලිමේන්තුවේදි අද  (29) ප්‍රකාශ කළේය.
එච්.අයි.වි ආසාධිතයන් 1649 දෙනෙකු ඊට අමතරව හදුනා ගෙන ඇතැයිද පැවසීය. ඒඩ්ස් රෝගින් වැඩි වශයෙන් හඳුනා ගෙන ඇත්තේ කොළඹ, කුරූණැගල, මහනුවර, කලුතර, ගාල්ල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින්ය.
ඒඩ්ස් රෝගින් 58 දෙනෙකුද, එච්.අයි.වි ආසාධිතයන් 186 දෙනෙකුද 2012 වසරේදි හඳුනා ගෙන ඇති බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
එසේම ඒඩ්ස් රෝගින් 34 දෙනෙකු සහ එච්.අයි.වි ආසාධිතයන් 146 දෙනෙකු 2011 වසරේදි පමණක් හඳුනා ගෙන ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.
වසර 2012 දි හඳුනාගත් ඒඩ්ස් රෝගීන් අතරින් 36 දෙනෙකු පුරුෂයන් වන අතර 22ක් කාන්තාවන් බවද නියෝජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
ඒඩ්ස් රෝගින් 156 දෙනෙකු සහ එච්.අයි.වි. ආසාධිතයන් 692 දෙනෙකු 2008 සිට 2012 දක්වා වසර පහ තුළ පමණක් හඳුනා ගෙන ඇතැයිද පැවසීය.
ඒඩ්ස් රෝගය මැඩ පැවැත්විම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ රුපියල් මිලියන 94.6ක්ද ගෝලීය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක්ද, යු.එන්.එෆ්.පි.ඒ මඟින් රුපියල් මිලියන 3.8 ක්ද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රුපියල් මිලියන 2 ක්ද මේ වසරේදි වෙන් කර ඇතැයිද නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පි. හැරිසන් මහතා ඇසු වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos