-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ විශේෂ නිල රාජකාරී සඳහා අනුයුක්ත කොට බම්බලපිටිය හින්දු විද්‍යාලයේ නවාතැන් ගෙන සිටි පොලිස් නිලධාරීන් නවදෙනකු රාත්‍රියේ බීමත්ව දෙන ලද බත් පාර්සල් පොළොවේ ගසා ඒවාට මුත්‍රා කරමින් අසභ්‍ය ලෙස හැසිරීමේ සිද්ධියකට විනය පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

එම විද්‍යාලයේ රාත්‍රි නවාතැන් ගෙන ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිට විශේෂ නිල රාජකාරී සඳහා පැමිණි පොලිස් නිලධාරීන් පිරිසකි. ඒ අතරින් මෙලෙස බීමතින් හැසිරී ඇත්තේ මතුරට පොලිසියට අනුබද්ධව රාජකාරී කළ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක් සහ කොස්තාපල්වරුන් හත්දෙනෙක් බව පොලිසියේ ප්‍රකාශකයෙක් පැවැසීය. 

එලෙස හැසිරී ඇති නිලධාරීන් අධික ලෙස මත්පැන් පානය කර බත් පාර්සල්වලට මුත්‍රා කර ඒවා උඩුමහලේ සිට වීසිකරද්දී ඒවා පහතින් නවතා තිබූ පොලිස් වාහන මතද වැටී තිබුණු බව වාර්තා වූ බවද පොලිස් ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.  මෙලෙස බීමත්ව විනය විරෝධී ලෙස හැසිරුණු පොලිස් නිලධාරීන් නව දෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පොලිස් රෝහල වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඒ බව තහවුරු වී ඇති බවද හෙතෙම පැවැසීය.

ඔවුන් රාජකාරිවලින් ඉවත්කොට වැඩ තහනම් කොට ඇති බවත් ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුගේ ප්‍රධානත්වයෙන් ඔවුන්ට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කරන බවත් හෙතෙම තවදුරටත් පැවැසීය.

හින්දු විද්‍යාලයේ පිහිටුවා තිබූ තාවකාලික පොලිස් මුරපොළේ නිලධාරීන් විනය විරෝධී ලෙස හැසිරුණු නිලධාරීන් හඳුනාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් දැනුම්වත් කිරීමටද පියවර ගෙන ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos