-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


මාතර උඩ අපරැක්ක නැඟෙනහිර ප්‍රදේශයේදී රංචු ගැසී තිදරු මවක් දූෂණය කොට ඇතැයි තිහගොඩ පොලිසියෙන් වාර්තා වේ.

ඉකුත් 17 ඉරුදින රාත්‍රි 10ත් 12ත් අතර මෙය සිදුවී ඇත. මැයගේ ස්වාමිපුරුෂයා බන්ධනාගාර ගතවී සිටින බව පැවැසේ.

අක්කර තුනක පමණ පොල් ඉඩමක් බලා ගැනීම සඳහා මෙම කාන්තාව තම දරුවන් තිදෙනා සමඟ එම ඉඩමෙහි ගොඩනඟාගෙන යනු ලබන නිවෙසෙහි තාවකාලිකව පදිංචි වී සිට ඇත.

නිවෙසෙහි බිත්තියකට උඩින් පැන ඇවිත් මැය බියගන්වා මෙම අපරාධය සිදුකොට සැකකරුවන් පලාගොස් ඇත. අදාළ කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇත.

තිහගොඩ පොලිසිය සැකපිට තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුහු උඩ අපරැක්ක සහ දන්දෙණිය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 21, 32, 47 වයසේ පසුවන අය වෙති.

හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා සැකකරුවත් 20 දින මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ස්ථානාධිපති පො.ප. සංජය මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප. රුක්මන් කෝට්ටගේ, කා.පො.සැ. සමන්ති (5293), පොලිස් කොස්තාපල්වරුන් වන වෙල්ලප්පිලි (33399), නිහාල් (56005), සමරසිංහ (71328) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos