-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ජපන් මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටොයොටා සමාගම වසර 2015 වන විට 'ෆුවල් සෙල්’ (fuel cell) තාක්ෂණයෙන් ධාවනය වන මොටර් රථ වෙළඳ පළට හඳුන්වාදීමට බලාපොරොත්තු වන බී බී සී පුවත් සේවය වාර්තා කරයි.

FCV තාක්ෂණය ලෙස හඳුන්වන මෙම තාක්ෂණය වාහාන සිය වාහන නිෂ්පාදනය සඳහා භාවිතා කරන බව මෙසේ ටොයොටා සමාගම ප්‍රකාශ කළේ ටෝකියෝ මෝටර් ෂෝහිදීය.

බොහෝ මෝටර් රථ නිෂ්පාදන සමාගම් මෙම තක්ෂණය භාවිතයෙන් මහා පරිමාණයෙන් වාහාන නිෂ්පාදනය කිරීමට උනන්දු වෙයි.

එයට හේතුව වන්නේ අදාළ ක‍්‍රියාදාමයේදී පරිසරයට අහිතකර කිසිම ද‍්‍රවයක් පිට නොකිරීමයි.

FCV තාක්ෂණයේදී සිදු කරන්නේ හයිඩ්‍රජන් වායුවෙන් විදුලිය නිෂ්පාදනය කිරීම වන අතර එයින් අපද‍්‍ර‍ව්‍ය ලෙස නිෂ්පාදනය වන්නේ උණුසුම සහ ජලය පමණි.

ඉන්ධන සෛල නැවත ආරෝපණය කිරීම විනාඩි කිහිපයක් ඇතුලත් සිදු කර ගත හැකි අතර එම බලයෙන් කිලෝ මීටර් 500ක පමණ දුරක් ගමන් කළ හැකි වේ.

කෙසේ වෙතත් මෙම තාක්ෂණය භාවිතය සම්බන්ධයෙන් මතුවන ගැටළුව වන්නේ අවශ්‍ය තරම් හයිඩ‍්‍රජන් පිරවුම් හල් නොතිබීමයි.

ටොයොටා සමාගමේ තරඟකරුවා වන හයිහුන්ඩායි සමාගම විසින්ද එම තාක්ෂණය අන්තර්ගත වන මෝටර් රථ නිෂ්පාදනය කිරීම ලබන වසරේම ආරම්භ කරන බව ප්‍රකාශ කර ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos