ලබන 2014 වසරේ සිට ඔක්ටේන් 90 පෙට‍්‍රල් වෙනුවට ඔක්ටේන් 92 පෙට‍්‍රල් ආනයනය කිරීමට ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය තීරණය කර ඇත.
මෙම පියවර ගෙන ඇත්තේ ආනයනික ඉන්ධනවල ප‍්‍රමිතියානුකූල බව වැඩි කිරීම සදහා මෙන්ම පරිසර දුෂණය අවම කිරීමේ පරමාර්ථය ඇතිව යයිද පැවසේ.
එසේම එහි දෙවන අදියර යටතේ දැනට ආනයනය කෙරෙන ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් වෙනුවට ඔක්ටේන් 98 වර්ගයේ පෙට‍්‍රල් ආනයනය කිරීමටද තීරණය වී ඇත.
මේ අතර ඛනිජ තෙල් සංස්ථා වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ මෙම නව පෙට‍්‍රල් ආනයනය කිරීමත් සමග ඒවායෙහි මිල ගණන්ද අනිවාර්යෙන්ම ඉහළ යනු ඇති බවයි.