-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

රටේ ආරක්ෂාව සඳහා ගත් ‘හිස් වැසුම් තහනම්’ තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කෙළේ නිකාබය හා බුර්කාව තහනම් කිරීමට නොහැකි නිසා දැයි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රශ්න කරති.

උන්වහන්සේ මේ ප්‍රශ්න නඟන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමිනි.නිකාබය හා බුර්කාව පලඳින්නා හඳුනාගැනීමට නොහැකි අතර එයට මුවා වී අපරාධ, මූල්‍යමය වංචා සිදුකිරීමට හැකියාව පවතින අතරම විභාගවලට පෙනී සිටිමේදී අයැදුම්කරුවන් හඳුනාගැනීමට නොහැකි බවද ඒ ලිපියෙන් පෙන්නා දී ඇත. මෝටර් රථ අඳුරු වීදුරු හා හෙල්මට් පිළිබඳ ගත් නීතිය කාලෝචිත වුවද එකම රටක එකම ක්‍ෂේත්‍රයක් සම්බන්ධයෙන් නීති දෙකක් රට තුළ ක්‍රියාත්මක වීමක් පෙනී යන බව ඒ හිමියන් සිය ලිපියෙන් පෙන්නා දෙයි.

හෙල්මටය හා ටින්ට් ස්ටිකර් ඉවත් කිරීමට අපරාධ මැඬලීමට හා ආරක්ෂාවට හේතුවක් නම් නිකාබය හා බුර්කාව තුළ ඇති භයානක කම නොවැටහෙන්නේ මන්දැයි ඒ හිමියෝ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා වෙත යවා ඇති ලිපියෙන් විමසීමක් කරති. ඉතාලිය, ප්‍රංශය, ඕලන්දය හා මැලේසියාව ඇතුළු රටවල් ගණනාවක හෙල්මට් මෙන්ම බුර්කා, නිකාබය තහනම් කර ඇති අතර මෙරටට පමණක් එක් නීතියක් ක්‍රියාත්මක කිරීමට නොහැක්කේ මන්දැයි ඒ හිමියෝ වැඩිදුරටත් ප්‍රශ්න කරති. මේ ලිපියේ පිටපත් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්, පොලිස්පති, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් හා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වෙතද යවා තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos