ඩොලර් මිලියන 400ක් ආයෝජනය කර ශ්‍රී ලංකාවේ කාමර 450ක හෝටල් සංකීර්ණයක් සමඟ කැසිනෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සැරසෙන ඕස්ටේ්රලියානු කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජෙම්ස් පැකර් තමන් ඉදිකිරීමට බලාපොරොත්තුවන හෝටල් සංකීර්ණයේ සැලැස්ම එළි දක්වා ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ බේරේ වැවේ ‘ද ඩුබායි වෝටර් ෆවුන්ටන්’ නිර්මාණය කළ කැලිෆෝනියාව පදනම් කරගත් වෙට් ඩිසයින්ග් සමාගම විසින් විචිත්‍ර ජල සංදර්ශන නිර්මාණයක්ද ගොඩනැගීමට සැලසුම් කර ඇත.
පැකර්ගේ ක්‍රවුන් රිසොට් සමාගමේ තානාපතිවරැන් ලෙස හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක මයිකල් ක්ලාර්ක් සහ අභාවප්‍රාප්ත ටෝනි ග්‍රේග්ගේ බිරිඳ වන විවියන් ග්‍රේග් පත්කිරීමද මෙම එළිදැක්වීමේ අවස්ථාවේදී සිදු විය.
මෙම කැසිනෝ හෝටල් සංකීර්ණය සඳහා ශ්‍රී ලංකා රජයේ අනුමැතිය සම්බන්ධයෙන් වූ විවාදයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී ලබන 24 වැනිදා පැවැත්වේ.