බාල වයස්කාර පෙම්වතිය රවටා දූෂණය කරන ලදැයි යටවත්ත පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගත් හමුදාවෙන් පැන ආ සෙබලෙකු හා ඊට අනුබල දුන් බව කියන කුරුණෑගල ප‍්‍රදේශයේ හෝටලයක කළමණාකරුවකු ලබන 29 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතලේ දිසා විනිසුරු උපුල් රාජකරුණා මහතා පසුගියදා නියෝග කළේය .
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ යටවත්ත උඩස්ගිරිය ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන උඩුමුල්ලේ බුද්ධික උදේශ් රාජරත්න නැමැති විවාහකයෙක් හා හෝටල් කළමණාකරුවක් වන සෙනවිරත්න මුදියන්සේලාගේ සෙනවිරත්න යන අය වේ.
දුෂණයට ලක්වු බව කියන දැරිය මාතලේ මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.
දූෂණය වූ බවට සැලකෙන 14 හැවිරිදි දැරිය සමග සැකකරු පේ‍්‍රම සබදතාවක් ගොඩ නගා ගෙන සිට ඇත. සැකකරු දැරියට ජංගම දුරකතනයක් ලබාදී තිබූ බවත් එම ජංගම දුරකතනය දැරියගේ පියා විසින් පාගා කඩා දැමීම ගැන උරණ වී දැරිය කුරුණෑගල ප‍්‍රදේශයේ ලැගුම්හලකට ගෙන ගොස් දූෂණය කර ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණයේදී අනාවරණය වී වූ බව පොලිසිය අධිකරණයට වාර්තාකර තිබේ.