-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

බම්බලපිටිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් ෂියාම් නමැති අය පැහැරගෙන ගොස්‌ ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව රක්‌ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන හා ඔහුගේ පුත් රවිඳු වාස්‌ ගුණවර්ධනගේ පාර්ශ්ව වෙතින් පැමිණිල්ලේ සාක්‌කිකරුවන්ට දැඩිලෙස බලපෑම් එල්ල වන්නට වී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (21 දා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ඒ. එච්. සහාබ්දීන් මහතා හමුවේ සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී එසේ කියා සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන්ගේ පාර්ශ්ව වෙතින් සාක්‌ෂිකරුවන්ට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් ඉදිරියේදී සවිස්‌තර වාර්තාවක්‌ ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් මේ සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය වෙත ද පැමිණිලි ඉදිරිපත් වී ඇති බවත් කියා සිටියේය.

මෙහි පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී රක්‌ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු වාස්‌ ගුණවර්ධන, උප පොලිස්‌ පරීක්‍ෂක ලක්‌මිණ ඉන්දික බමුණුසිංහ, පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන ගාමිණී සනත්චන්ද්‍ර, ප්‍රියන්ත සංජීව, කැලුම් රංග දිසානායක සහ දිමුතු ශ්‍රීමාල් හෙට්‌ටිආරච්චි නමැති සැකකරුවෝ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූහ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තා ගොනු කරමින් මෙම පැමිණිල්ලේ සාක්‌කිකරුවන්ට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් පස්‌ දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගත් බවත් විමර්ශනයට අදාළව ඉදිරි පියවරයන්ට මෙතෙක්‌ නීතිපති උපදෙස්‌ ලැබී නොමැති බවත් කියා සිටියේය.

නීතිඥ අජිත් පතිරණ මහතා කරුණු දක්‌වමින් මෙම නඩුවට මූලික වූ අරමුණ තිබූ අයට අද වනවිට ඇප ලැබී ඇති බවත් මේ තුළින් බරපතල ලෙස නීතියේ අපගමනයක්‌ සිදුව ඇති බවත් කියා සිටියේය.

ඉදිරියේදී ඕනෑම අයෙකුට විරුද්ධවාදියකු ඝාතනයකර රජයේ සාක්‌කිකරුවෙකු වී ඇප අරන් ගෙදර යා හැකි තත්ත්වයක්‌ උදාවිය හැකි බවත් අපරාධයට අදාළව මූලික සාක්‌ෂි ආරම්භ වීමට ප්‍රථම සැකකරුවන්a මෙලෙසින් නිදහස්‌ වීම නීතියේ අපගමනය බවත් අජිත් පතිරණ මහතා කියා සිටියේය.

රවිඳු වාස්‌ ගුණවර්ධනට රැකවරණ සැපයීම මත අත්අඩංගුවට ගෙන රක්‌ෂිත බන්ධනාගාර ගතකර සිටින දිමුතු ප්‍රීමාල් හෙට්‌ටිආරච්චි ඇප මත මුදා හරින ලෙස ඉදිරිපත්වූ ඉල්ලීම කෙරෙහි සැලකිලිමත්වූ මහෙස්‌ත්‍රාත්වරයා රුපියල් පනස්‌ දහසක්‌ වටිනා මුදල් ඇපයකට හා රුපියල් ලක්‍ෂ පහ බැගින්වූ ශරීර ඇප දෙකක්‌ මත ඔහු මුදා හරින ලෙසත් සෑම සති දෙකකට වරක්‌ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසත් නියෝග කළේය.

සැකකරුවන් සියලු දෙනා ලබන නොවැම්බර් 04 දා තෙක්‌ තවදුරටත් රක්‌ෂිත බන්ධනාගාරගතකර තබන ලෙස ද නියෝග කළ මහෙස්‌ත්‍රාත්වරයා එදිනට පවත්වන විමර්ශනයේ ප්‍රගතිය ඇතුළත් වාර්තාවක්‌ ගොනු කරන ලෙසට නියෝග කළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos