-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි අක්‌කර 07 ක භූමි ප්‍රදේශයක්‌ සංවර්ධනය කිරීම සඳහා රජයට පවරා ගැනීම නිසා උන්හිටි තැන් අහිමි වන විශාල පිරිසකට එම භූමිය තුළම ඉදිවෙන සුඛෝපභෝගී නිවාස සංකීර්ණයෙන් නිවාස හෝ උපරිම වන්දියක්‌ ලබාදීම සඳහා යෝජනා කීපයක්‌ ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (21 වැනිදා) අනුමත කළේය.

නඩුවේ පාර්ශ්වකරුවන්ගේ එකඟත්වයෙන් ඉදිරිපත් වූ යෝජනාවලට අනුව එම භූමි පෙදෙසේ පදිංචිව සිටින සියලු දෙනා 2013 දෙසැ. 01 ට හෝ ඊට පෙර නිවාස වලින් ඉවත් විය යුතුය. එසේ ඉවත් වන අයට වන්දිය හා විකල්ප නිවසක්‌ රජයෙන් ලැබෙන තෙක්‌ කුලියට පදිංචි වී සිටීමට වසර 02 ක කාලසීමාවකට මුදලක්‌ එකවර නගර සංවර්ධන අධිකාරිය විසින් ගෙවනු ලැබේ.

පදිංචිව සිටි නිවාස වෙනුවට වන්දියක්‌ ලබාගැනීමට කැමැත්ත දක්‌වන අයට වසර 02 ක්‌ ඇතුළත වන්දි මුදල ගෙවනු ඇත. වන්දිය හෝ නිවසක්‌ ලැබෙන තුරු කුලියට පදිංචියට ගොස්‌ සිටින අයට යෝජිත නිවාස සංකීර්ණයේ පදිංචියට ඒමට කැමැත්තක්‌ දක්‌වන්නේ නම් ඒ බව වසරක්‌ ඇතුළත නගර සංවර්ධන අධිකාරියට දැනුම් දිය යුතුවේ.

කුලී මුදල් වශයෙන් මසකට රුපියල් 15,000 සිට රු. 52000 ක්‌ දක්‌වා මුදලක්‌ ගෙවනු ලබන අතර එය තීරණය කෙරෙන්නේ ඔවුන් පදිංචිව සිටි නිවසේ තත්ත්වය සහ ඊට යටවී තිබූ බිම් ප්‍රමාණය අනුවයි.

නිවාස හා ගොඩනැගිලි වලින් ඉවත්ව යන අයට නිවසේ තිබූ දැව දොර ජනේල ඇතුළු ඔවුන් සතුව තිබූ බඩු බාහිරාදිය ඉවත් කරගත හැක.

එම පෙදෙසේ පදිංචිව සිටි සියලු දෙනාගේම ඡන්ද අයිතිය වසර 02 ක්‌ යන තෙක්‌ ඒ අයුරින්ම සුරක්‍ෂිත වන අතර පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේදී එම ඡන්ද නාම ලේඛනය උපයෝගී කර ගැනීමේ අයිතිය ඔවුනට තිබිය යුතු යයි ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක්‌ පනවන ලදී.

රජයට අත්පත් කර ගන්නා එකී භූමි පෙදෙසේ ඉදිවෙන නිවාස සංකීර්ණය ක්‍රීඩාපිටියක්‌, කියවීම් ශාලාවක්‌ ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විත වන අතර අගවිනිසුරුවරයා සඳහන් කළේ එම නිවාසවල පදිංචිවීමට වාසනාව ලබන අයද යෝජිත සංවර්ධන ව්‍යාපෘතියේ කොටස්‌කරුවන් වන බවයි.

නිවාස 550 කින් යුත් සංකීර්ණයේ කටයුතු වසර 02 ක්‌ ඇතුළත නිම කෙරෙනු ඇත. ඊට වැඩි කාලයක්‌ ගතවුවහොත් පදිංචියෙන් ඉවත්ව තාවකාලිකව කුලියට පදිංචියට ගොස්‌ සිටින අයට ගෙවන කුලී මුදල් ඇතුළු වරප්‍රසාද ඒ අයුරින්ම තවදුරටත් හිමිවනු ඇත.

නිවාස සංකීර්ණය ඉදිකරනු ලබන්නේ ටාටා නමැති ඉන්දීය සමාගමේ ගොඩනැඟිලි ඉදිකිරීම් අංශය විසිනි.

අදාල නඩු ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබුණේ රජයට පවරා ගනු ලැබූ එකී ඉඩම්වල පදිංචිව සිටි තිදෙනකු විසිනි. නගර සංවර්ධන අධිකාරිය එම අධිකාරිය බාර ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, ඉඩම් ඇමැති හා නීතිපති නඩුවල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි.

නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් විරාඡ් දයාරත්න මහතා නීතිපති ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ හා ඉඩම් ඇමැති වෙනුවෙන් පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා නගර සංවර්ධන අධිකාරිය වෙනුවෙන් පෙනී සිටියේය.

අධිනීතිඥ සුජීව සේනසිංහ සහ කාසිම් යන මහත්වරු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එකී තීරණවලට කටයුතු කිරීමට සියලු පාර්ශ්වකරුවන් බැඳී සිටින බව පෙන්වා දුන් අතර අගවිනිසුරුවරයා එකී ඉඩම්වල පදිංචිකරුවන්ට අපහසුතාවක්‌ ඇති නොවීමට වගබලා ගන්නා ලෙස නගර සංවර්ධන අධිකාරියට දැනුම් දුන්නේය.

එමෙන්ම උසාවිය හමුවේ ඇති කරගත් එකඟතාව පිළිබඳව පදිංචිකරුවන් දැනුවත් කරන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ට දැනුම් දෙනු ලැබිණි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos