වසරේ ගතවූ කාලය තුළ ෆේස්බුක් අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි 500ක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසුවේ, වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සම්බන්ධයෙන් ලැබී ඇති බව ය.
මේ හේතුවෙන් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් (Fake accounts) පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ෆේස්බුක් භාවිත කරන්නන්ගෙන් ඉල්ලා සිටී.