-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

රන් එකතු කරන්නකු වූ ඉන්දියානු ජාතික දන්තා ෆුගේ , 2013 නව වසර ආරම්භය සැමරීම සිදුකිරීමට අළුත් විලාසිතාවක් ඉදිරිපත් කළේය. ඒ රනින් නිමවූ  කමිසයක් මිලදී ගැනීමයි. රත්‍රන් සම්බන්ධයෙන් දැඩි  ආශාවකින් පෙළෙන දත්තා, සාමාන්‍ය ජීවිතයේදි ඉතා විශාල රත්‍රන් ප්‍රමාණයක් පළදින අතර ඔහුව බොහෝ විට හඳුන්වනු ලබන්නේ රත්තරන් මිනිසා නමිනි.දත්තාගේ මෙම කමිසය මිලෙන් ඇමරිකානු  ඩොලර් 250,000 ක් වන අතර ශ්‍රී ලංකා මුදලින් රුපියල් 31,250,000 පමණ වන අතර මේ සඳහා  රත්‍රන් කිලෝග්‍රෑම්  3.3 එනම් රාත්තල් 7 ක් භාවිතා  කර ඇති බව පැවසේ. මෙම කමිසය නිර්මාණය කිරීම  සඳහා දිනකට පැය 18 බැගින් සේවය කළ රන්කරුවන් 16 දෙනකුට දින 15 ක කාලයක් ගත වූ බවද වාර්තාවේ.
මේ දිනවල ඉන්දියාවේ පමණක් නොව ලොව බොහෝ දෙනෙකුද බලා සිටින්නේ  දන්තා ෆුගේ 2014 වසර සැමරීම සඳහා කුමන විලාසිතාවක් සිදුකරනු ඇතිද යන්නය. දන්තා ෆුගේ තමන්ගේ විලාසිතාවන් සම්බන්ධයෙන් අදහස් දැක්වමින් පවසා තිබුනේ විවිධ වු පුද්ගලයන්ට තමන්ටම ආවේණික ආශාවන් ඇතිබවත්, ඇතැමුන්  මිලෙන් අධික මෝටර් රථ වැනි දෑ එකතු කිරීමට ඇල්මක්  දක්වන අතර තමන්ගේ වඩාත් ම ආකර්ෂණය රත්‍රන් බවත් ය. දත්තා සතුව මෝටර් රථ පහක්ද ඇති බව පැවසේ.
ඇඳුමේ ඇති සුවිශේෂි බව නිසාම දත්තා විසින්  මෙම ඇඳුම භාවිතා කරනුයේ උත්සව, ප්‍රිය සම්භාෂණ වැනි විශේෂ අවස්ථාවන් සඳහා පමණි.  මේ සම්බන්ධයෙන් තමන්ට ලැබුණු ප්‍රතිචාර  මිශ්‍ර ස්වරූපයක් ගන්නා බවත් , ඇතැමුන් මෙයට ප්‍රියතාවයක් දැක්වුවද  සමහරුන්  මෙය අනවශ්‍ය දෙයක් ලෙස සැලකූ  බවත් දත්තා විසින්  වැඩිදුරටත් පවසා තිබුණි.  කෙසේ වෙතත්  මේ නිසා තම ආරක්ෂාවද තර කර  ගැනීම සඳහා දත්තා විසින්  ආරක්ෂක භටයින්ද යොදවා ගෙන ඇති බව පැවසේ.




දත්තාගේ මෙම කමිසය වෙනුවෙන් වැය කළ මුදලින් විදේශීය රටක සුඛෝපභෝගී නිවසක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රථ කිහිපයක් මිලදී ගත හැකිව තිබුණද ඔහු පවසන්නේ  මෙම ගණුදෙනුවෙන් රත්‍රන් මිනිසා ලෙස ලොව ඔහුව හඳුනාගැනීම අපෙක්ෂා කළ බවත් දැන් එය එසේම සිදුවී ඇති බවත්ය.
වසර 133 කට වඩා ඉතිහාසයක් සහිත ස්වර්ණාභරණ ව්‍යාපාරයක් වූ පූනේ නගරයේ රන්කර් ජුවලර්ස් ආයතනය මගින්  මෙම කමිසය නිර්මාණය කර ඇති අතර , ආයතනය වෙනුවෙන් අදහස් දැක්වූ ටෙජ්පල් රන්කර් විසින් ප්‍රකාශ කොට තිබුනේ  මෙය සාමාන්‍ය කමිසයක් මෙන් සැප පහසුව සැළසෙන පරිදි සකස් කිරීම සැබැවින්ම  අභියෝගයක් වූ බවයි. මෙම කමිසය  නිර්මාණය කිරීමට අදහස් කළ පසු විවිධාකාර වූ  විලාසිතා මෝස්තර අධ්‍යයනය කළ බවත් කමිසය නිකන්ම රත්‍රන් තහඩුවක්  එල්ලාගෙන යන ආකාරයට දිස්වීමට  තමන් අකමැති වූ බවත් ඔහු විසින් වැඩි දුරටත් පවසා ඇත. මේ අනුව විශේෂිත  උපකරණයක් භාවිතයෙන් Italian Wawe නම් බටහිර මෝස්තරයට අනුව මෙම කමිසය සඳහා යොදාගත් රනින් නිමවූ  රෙදිවැනි අමුද්‍රව්‍ය නිර්මාණය කොට ඇත. අභ්‍යන්තරයෙන් සීරීම  වැළැක්වීම සඳහා ඇතුළතින්  විල්ලුද භාවිතා කර ඇති අතර මූලික සංකල්පය ලබාගෙන  ඇත්තේ සන්නාහ සන්නද්ධ වූ පැරණි ඉන්දියානු රජවරුන්ගේ චිත්‍ර ඇසුරින්  බැව් පැවසේ.

සාමාන්‍යයෙන් රත්‍රන්  පළඳින්නේ  ධනවතුන් යැයි මතයක්  මිනිසුන් තුළ ඇති බවත් තමන් ධනවත්  පවුලක  නොවුනද මේ නිසා තම පාසල් අවදියේ  සිට ග්‍රෑම් 10-15 වැනි කුඩා ප්‍රමාණ වලින් රත්‍රන් එකතු කළ බවත් ඔහු විසින් වැඩිදුරටත්  පවසා තිබුණි.  ඔහුගේ ආයතන ලාභ වාර්තා කළහොත්  සෑම මාස 6-8 කට වරක්ම රත්‍රන් වලින් නිමවූ යමක් මිලදී ගැනීම ඔහුගේ සිරිතක් බව පැවසේ. ඔහුගේ මීළඟ අභිප්‍රාය රනින් කළ ජංගම දුරකථනයක් බව පැවසෙන අතර සමහර විට  රන්මය පාවහන්  යුගලයක්ද විය හැකි බව පැවසේ. තම බිරිඳ  සතුවද රන් කිලෝග්‍රෑම් 500 ක් පමණ ඇති බව පවසන ‘දත්තා’ ඒවා අතර තමන් විසින් දුන් මාල සහ රනින් නිර්මිත අත්බෑගද වන බව ප්‍රකාශ කොට ඇත. රත්‍රන් ළඟ තබා ගැනීම  හොඳ ආයෝජනයක් බවත්, මුදල් අවශ්‍යතාවයක් වුවහොත්  තම කමිසය  විකුණා දැමිය හැකි බවත් දත්තා  පවසා ඇත. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos