-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කලහකාරී ලෙස හැසිරී රජයේ දේපළවලට අනර්ථයක්‌ සිදු කිරීම ඇතුළු චෝදනා හතරකට වරදකරුවන් වූ රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රයේ සිසු සිසුවියන් විසිදෙදෙනකුට එක්‌ වසර බැගින් සිර දඬුවම් නියම කළ අනුරාධපුර අතිරේක මහෙස්‌ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා එම දඬුවම වසර පහකට අත්හිටුවීමට නියෝග කළේය.

එම විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ නීති විරෝධී රැස්‌වීමක සාමාජිකයන් වී 2010 වසරේ ඔක්‌තෝබර් මස 25 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට අතින් පයින් පහරදී තුවාල සිදු කිරීම, සාපරාධී බියගැන්වීම හා විශ්වවිද්‍යාලයට අයත් දේපළවලට අලාභ හානි සිදුකොට රුපියල් අනූපන්දහස්‌ පන්සිය හැත්තෑ පහක අලාභයක්‌ සිදු කිරීම යන චෝදනාවලට මේ විසිදෙදෙනා වරදකරුවෝ වූහ.

ඒ අනුව එක්‌ චෝදනාවකට මාස තුන බැගින් අදාළ චෝදනා හතරට මාස දොළහක සිර දඬුවමක්‌ ඔවුනට නියම කෙරිණි.

2010 වර්ෂයේ ඔක්‌තෝබර් මස 25 වැනි දින රජරට විශ්වවිද්‍යාලයේ වර්ෂ අවසාන විභාගයට සහභාගි වූ සිසු සිසුවියන් පිරිසකට විත්තිකරුවන් අතින් පයින් පහරදී තුවාල සිදු කොට විභාග කටයුතු අඩාල කර විභාග ශාලාවට ගල් මුල්වලින් පහරදී අලාභ හානි සිදු කළ බවට අනුරාධපුර දෙවන පියවර පදිංචි රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපතිවරියක වූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්. ආර්. සීතා පද්මිණි මහත්මිය ඇතුළු දොළොස්‌ දෙනකු විසින් මිහින්තලේ පොලිසියට කර තිබූ පැමිණිල්ලකට අනුව පොලිසිය ඔවුනට එරෙහිව අනුරාධපුර මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

විවෘත අධිකරණය ඇමතූ අතිරේක මහෙස්‌ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා රජරට විශ්වවිද්‍යාලයේ විනය කමිටුව මගින් සිසු සිසුවියන් කීපදෙනකුගේ ශිෂ්‍යභාවය වසර තුනකට අත්හිටුවා තිබීම හා පෙර වැරදි කිසිවක්‌ නොමැතිවීමත්, වරද පිළිගෙන රජයේ දේපළවලට වූ අලාභය ගෙවා තිබීම සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු කර මෙම දඬුවම නියම කරනු ලබන බව ප්‍රකාශ කළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos