හිටපු ක්‍රිකට් නායකයන් දෙදෙනෙකු වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර සම්බන්ධයෙන් විනය පරික්‍ෂණයක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුව තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඊයේ (22) රැස්වූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
පසුගියදා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ජයගැනීමෙන් පසු දිවයිනට පැමිණීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඔවුන් සඳහන් කළ විවේචනාත්මක කරුණු දැක්වීම සම්බන්ධයෙන් විනය කමිටුවකට යොමු කිරීමට මෙහිදී තීරණය කර තිබේ.
මේ අතර, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුව විසින් ඊයේ එංගලන්තයේ සිට පැමිණි ජාතික පුහුණුකරු පෝල් ෆාබ්‍රේස් ද හමුවී ඇතැයි ඉන්දියාවේ පී.ටී.අයි. පුවත් සේවය වාර්තා කරයි.