-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඊයේ(10) නිකුත් කරන ලද වාර්ථාවට අනුව ලොව වැඩිම මිනීමැරුම් අනුපාතයක් වාර්තා වන රට ලෙස හඳුනාගෙන ඇත්තේ හොන්ඩුරාස් රාජ්‍යයයි.
සෑම මිනිසුන් 100,000 කටම වාර්තා වන මිනීමැරුම් සංඛාව පදනම් කරගනිමින් සකස් කර ඇති මෙම වාර්තාවට අනුව ඇමෙරිකා කලාපය අප්‍රිකා කලාපය අභිබවමින් වැඩිම මිනීමැරුම් අනුපාතයක් සටහන් කර ඇත.
මෙම වාර්තාව වසර 2012 දී සිදුවූ මිනීමැරුම් සංඛ්‍යාව සැළකිල්ලට ගනිමින් සකස් කර ඇති අතර පාතාල කල්ලි සහ මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් සිදුකරන ලද අපරාධ හේතුවෙන් මෙලෙස හොන්ඩුරාස් රාජ්‍යයේ මිනීමැරුම් අනුපාතය ඉහල ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් ඉදිරිපත් කරන ලද මෙම වාර්තාවට අනුව හොන්ඩුරාස් රාජ්‍යයේ මිනීමැරුම් අනුපාතය 90.4ක් වේ.
එමෙන්ම එම වාර්තාවෙහි දැක්වෙන වැඩිම මිනීමැරුම් අනුපාතයක් සහිත රටවල් අතරින් දෙවන සහ තෙවන ස්ථාන හිමිකරගෙන ඇත්තේ වෙනිසියුලාව (53.7) සහ බෙලීස් රාජ්‍යයයි (44.7).

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos