-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අයවැය යෝජනා අනුව මෝටර් රථ ආනයේදී ගැටලු රැසකට මුහුණදීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ඊයේ පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති මහින්ද සරත්චන්ද්‍ර මහතා පැවසුවේ එම යෝජනා මගින් භාවිත කළ මෝටර් රථයක් මිලදී ගැනීමට වඩා අලුත් මෝටර් රථයක් මිලදී ගැනීම වාසි දායකවන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ය.
භාවිත කළ වාහන ආනයනයේදී ක්ෂයවීම මත බදු අය කිරීමේ ක්‍රම‍වේදය සංශෝධනය කිරිමට මෙවර අයවැයෙන් යෝජනා කෙරිණ.
නිෂ්පාදනය කර මුල් මාස 6 ක් දක්වා සියයට 90 ක් ද ඊට පසු මාස 6ට සියයට 80ක් ද ලෙස මාස 6 න් 6ට වෙනස්වන ආකාරයට මෙතෙක් ක්ෂවීම් මත බදු අය කෙ‍රිණ.
එහෙත් නව සංශෝධන අනුව නිෂ්පාදනය කර වසරක් තුළ ගෙන්වන සියලු මෝටර් රථ වලට සියයට 90ක ක්ෂයවීම් මත බදු අය කෙරෙනු ඇති.
ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති මහින්ද සරත්චන්ද්‍ර මහතා මෙසේ පැවසීය.
“වර්ෂ 2ක් දක්වා කාලය ඇතුළත වාහනයක් ආනයනය කරනව නම් නවීන මෝටර් රථයක මිලම ගෙවන්න සිද්ධවෙනවා. එම නිසා පාවිච්චි කරන ලද මෝටර් රථ මිලදී ගැනීම අඩු වෙලා බ්‍රෑන්ඩ් නිව් මෝටර් රථ මිලට ගන්න පාරිභෝගිකයන්ට සිද්ධ වෙනවා. මාස 2ක් 3ක් 5ක් 6ක් විතර පාවිච්චි කරන වාහනයක මිල ලක්ෂ 2 සිට ලක්ෂ14 දක්වා අධික බද්දක් ගෙවල තමයි ගන්න වෙන්නේ”
භාවිත කළ වාහන ගෙන්වීමට වඩා අලුත්ම රථයක් ගෙන්වීම ලාභදායී පසුබිමක සීමිත පිරිසක් පමණක් වාසි ලබන බව මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ අදහස වේ.
ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති මහින්ද සරත්චන්ද්‍ර මහතා ඒ පිළිබඳව මෙසේ සඳහන් කළේය.
“බ්‍රෑන්ඩ් නිව් මෝටර් රථ ආනයනය කරන 12 දෙනක් පමණ සමාගම් සීමිත සමාගම් ප්‍රමාණයක් වෙළඳපොළ සකස් කරල දීල තියෙනවා ඒ අයට මේ අයවැය තුළින්. අපි ඉල්ලා සිටින්නේ මෙන්න මේ ක්ෂය වීමේ මත අය කරන ක්‍රමය වෙනස් කරල දෙන්න කියල එහම නැති උනොත් අපිට අපේ ව්‍යාපාර පවත්වා‍ගෙන යන්න බැරි වෙනවා විශාල පිරිසකට රැකියාවල් නැති වෙනවා”

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos