-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සඳමාලි, ලයනල් එක්ක විවාහ වෙනකොට සඳමාලිගෙ වයස අවුරුදු දාසයයි. මේ කසාදය කිසිසේත්ම සඳමාලිගෙ කැමැත්තෙන් සිද්ධ වුණු දෙයක් නෙමේ. සඳමාලිගේ අම්මා ජීවතුන් අතර නෑ. සඳමාලි හැඳුනෙ තාත්තා එක්ක. ඒ කියන්නේ අවුරුදු දොළහෙදි විතර ඉඳලම. අන්තිමේ “මේ ළමිස්සියෙක්ව මං තනියම බලාගන්නේ කොහොමද” කියලා තාත්තා කුඩම්මා කෙනෙක් එක්ක ආවා. ජීවිතේ මේ තරමටම දුක්බරද කියලා සඳමාලිට තදින්ම වැටහුණේ කුඩම්මා එක්ක ජීවත් වෙන්න සිද්ධ වුණාට පස්සෙයි.
කුඩම්මා ගෙදරට එනතුරු කඩින් කඩ හරි පාසල් ගිය සඳමාලිගේ පාසල් ගමන කුඩම්මාගේ පැමිණීමත් එක්ක එහෙම පිටින්ම නතර වුණා. අන්තිමේ ගෙදර හැම වැඩක්ම පැටවුණේ සඳමාලිගෙ කරපිටට. ඒත් ඒ හැම දෙයක්ම ඉවසාගෙන හිටියා මිසක් ඊට එරෙහිව යන්න කිසිම අවකාශයක් සඳමාලිට තිබුණේ නෑ.
ඔහොම ඉන්න අතරෙ තමයි සඳමාලිට ලයනල්ගෙ යෝජනාව අවේ. ලයනල් තාත්තා හොඳින් දන්නා කියන කෙනෙක්. ලයනල්ට හොඳට සල්ලි තිබුණා. බඩු ගෙනියන ලොරි දෙකක්ම තිබුණු ලයනල් රටට පේන්න කළේ ලොරි රස්සාව වුණාට හොර අරක්කු පෙරන වෙනම ව්‍යාපාරයකුත් ලයනල්ට තිබුණා. සඳමාලිගෙ තාත්තා කටේ තො‍ලේ ගා ගත්තෙත් ලයනල් ගාවට ගිහින්. අන්තිමේ තමන්ට වඩා දෙගුණයක් විතර වයස මිනිහෙක් එක්ක සඳමාලි දීග ගියේ ලයනල්ගෙ දවෛනි කසාද බිරිඳ විදිහටයි. පළවෙනි බිරිඳ ලයනල්ව අත ඇරලා වෙන මිනිහෙක් එක්ක පැනල ගිහින් තිබුණා. ඒ කසාදෙන් ලයනල්ට එක දරුවෙකුත් හිටියා. තමන් කුඩම්මා නිසා විදි තාඩන පීඩන නිසාම ලයනල්ගෙ පස් හැවිරිදි දියණියට නියම මවක් වෙන්න සඳමාලි හිතට ගත්තා. අම්මා අහිමිව, තාත්තාගේ නිසි අවධානයකුත් නැතුව හැඳුණු ඒ පුංචි දැරිය සඳමාලිට සමීප වුණේ බොහොම කෙටි කාලයකින්. ඊට පස්සේ සඳමාලිගෙ මුළු ලෝකයම වුණේ ඒ පුංචි දැරියයි.
සඳමාලි ලයනල් නිසා ලබපු සතුටක්වත් සැනසීමක්වත් නෑ. අඩුපාඩු නැතිව කන්න බොන්න තිබුණා. ලොකු ගෙයක් දොරක් තිබුණා. ඒ වගේ භෞතික සම්පත් මිසක් ආදරයක් කියන්නේ මොකක්ද කියලවත් ලයනල් වෙතින් හඳුනාගන්න සඳමාලිට නම් අවකාශයක් තිබුණේ නෑ. ඒකට හේතුව ලයනල් කය මිස සිත නැති මිනිහෙක් වීම කියලා සඳමාලිට හිතුනා. ඒත් කුඩම්මා ළඟ දුක් විඳිනවට වඩා කුඩා දරුවෙකුත් එක්ක ගත කරන මේ ජීවිතේ ගොඩක් සැපයි කියල සඳමාලිට අනේක වාරයක් හිතුනා.
සඳමාලිට ලයනල් නිසා දරුවෙක් ලැබුණේ නෑ. එහෙම වුවමනාවක් සඳමාලිට දැනුණෙත් නෑ. සඳමාලිට තිබුණ ලොකුම ආසාව ලයනල්ගෙ දරුවා තමන්ගේම දරුවෙක් විදිහට හදා වඩා ගන්නයි. මේ වන විට ඒ පුංචි දැරියත් පුදුමාකාර විදිහට සඳමාලිට සමීප වෙලා හිටියා. ඒ වන විට පාස‍ලේ පළමුවැනි ශ්‍රේණියෙ ඉගෙන ගත්තු පුංචි දැරිය ඉස්කෝලෙට එක්ක ගෙන ගියෙත් ආපහු එක්කර ගෙන ආවෙත් සඳමාලිමයි.
ලයනල් දරුවාට ආදරේ වුණත් ඔහුට සඳමාලි ගැන වගේම දරුවා ගැනත් සොයන්න වැඩිපුර අවස්ථාව තිබුණේ නෑ. නමුත් ඒ අඩුපාඩුව සඳමාලිගෙන් සපිරීම ගැන ඔහුට වගක් තිබුණෙත් නෑ. කිසිම සංවේදී පුද්ගලයෙකු නොවූ ලයනල් ගෙදර කිසිම දෙයක් ගැන හොයල බලපු මිනිහෙක් ‍නෙවෙයි.
ඔය විදිහට ලයනල්ගේ දුව වැඩිවිය පැමිණුනා. ඒ වෙනුවෙන් ගෙදර ලොකු උත්සවයක් පවත්වන්න ලයනල් අමතක කළේ නෑ. ඒ උත්සවයට ආපු විශේෂ අමුත්තෙක් හිටියා. ඒ තමයි මේ දැරියගෙ සැබෑ මව වන ලයනල්ගේ පළමු බිරිඳ. ඇය තම දියණිය තුරුළු කරගෙන කිව්වේ “මං ඔයාව මගෙ ළඟට ගන්නව” කියලයි.
ඒත් දැරියට කිසිසේත්ම මව වෙත යන්න වුවමනාවක් තිබුණේ නෑ. ඇය තමාගේ සැබෑ මවට වඩා සඳමාලිට ආදරෙයි, ලෙන්ගතුයි. ඒ නිසා දැරිය එකහෙළාම තමන්ගෙ සැබෑ මවගෙ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.
ඊට පස්සේ ඇය නිතර නිතරම ආවා තමන්ගෙ දියණියව බලන්න. තම සැබෑ මව බොහෝ ආදරෙන් කතාබහ කරන කොට විවිධ තෑගි භෝග ගෙනෙන විට දැරියට ඇය කෙරෙහි මුලින් තිබූ අප්‍රසාදය ටිකෙන් ටික අඩුවෙලා ගියා. ඒ වන විට ඒ කාන්තාව තමන්ගෙ දෙවන විවාහයෙනුත් සමු අරන් හිටියෙ. ඇයට වුවමනා වුණේ තමන්ගේ දියණියවත් හදා ගෙන තනිව ජීවත් වෙන්න. ඒ සඳහා ඇයට ආදායම් මාර්ගත් තිබුණා. මොනතරම් උත්සාහ කළත් සඳමාලිට බැරි වුණා දරුවාව තමන් ළඟ තියා ගන්න.
“මං ඒ අම්මා ළඟ ටික දවසක් ඉඳල ආයිමත් ඔයා ගාවට එන්නම්, මාරුවෙන් මාරුවට දෙදිහාවෙම ඉන්නම්” දැරිය තමන්ගේ සැබෑ මව සමග ගියේ ඒ විදිහට ‍පොරොන්දු වෙලයි.
ලයනල් මේ ප්‍රශ්නය දිහා බැලුවේ බොහොම සැහැල්ලු විදිහට “මොනව වුණත් දරුවාගේ අම්මා ඒ ගෑනිනේ. ඇයට දරුවව ඕන නම් ගත්තාවේ”
ලයනල් එහෙම කිව්වම සඳමාලිට තමන්ගේ මුළු ලෝකෙම කඩා වැටුණා වගේ දැනුණා.
තමන්ගේම කුසින් උපන්නා හා සමාන හැඟීමකින් මහත් සෙනෙහසින් ඇති දැඩි කළ දියණිය වෙන්ව යාමේ වියෝදුක සඳමාලිට දරන්න බැරි වුණා. සඳමාලි නොකා නොබි හැඬු කඳුළින් ටික දවසක් ගත කර අන්තිමේ තනියම කියවන්න පටන් ගත්තා. “සඳමාලිට පිස්සු හැදිලා” කියලා ලයනල් සඳමාලිව රෝහලක මානසික රෝග වාට්ටුවකට අරන් ගියා. ඊට පස්සේ ලයනල් ආවේ නෑ සඳමාලිව බලන්න. ඒත් සඳමාලිට ඒ ගැන වගක් නෑ. සඳමාලි බලන් හිටියෙ තමන්ගේ පණ මෙන් ආදරය කළ දුව තමාව දකින්න එනතුරුයි. ඒත් සඳමාලි බලා‍පොරොත්තු වුණු විදිහට ඒ දරුවාවත් ආවේ නෑ. “එයා දැනගෙන හිටියත් තනියම කොහොම එන්නද?” කියල සඳමාලි දන්නවා.
දැන් සඳමාලි ඉන්නෙ තමන්ගෙ තාත්තගෙ ගෙදර. සඳමාලි දිගටම මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගන්නවා. දැන් සඳමාලිගේ හිතේ තියෙන්නේ එකම බලා‍පොරොත්තුවක් විතරයි.
ඒ කවදා හරි දවසක තමන්ගේ පණ හා සමාන වූ දියණිය තමාව දකින්න ඒවි කියලයි.
ඉන්දු පෙරේරා

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos