-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


මතුගම,අගලවත්ත ප්‍රදේශයේදී කොල්ලකනු ලැබූ ලක්ෂ 50ක මුදලින් මේවන විට රුපියල් හතළිස් දෙලක්ෂ තිස් දෙදහසක්(4,232, 000) මුදලක් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. 

ඊයේ දිනයේ පුද්ගලික ලීසිං සමාගමකට කොළඹ සිට මුදල් රැගෙන යමින් සිටි වෑන් රථයකින් අගලවත්ත ප්‍රදේශයේදී මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ලක්ෂ 50 ක මුදලක් කොල්ලකෑමට අදාළව අද (02) පෙරවරුවේ දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව හෙතෙම සිහිපත් කළේය. 

මෙම සැකකරුවන් දෙදෙනා හංවැල්ල පදිංචි දුමිඳු චංචල හේරත්(21) සහ බොරැලැස්ගමුව පදිංචි සජාන් සුභාෂ් පෙරේරා (20) යන අය බව මේවන විට හඳුනාගෙන ඇති බවද හෙතෙම අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය. 

ඊයේ (01) පෙ.ව 11.40 ට පමණ අගලවත්ත අදාළ ලීසිං සමාගම ආසන්නයේදී මෙම කොල්ලකෑම සිදුකර තිබුණු අතර මුදල් පිළිබඳ තොරතුරු සැකකරුවන්ට ලැබී ඇත්තේ වඩු කාර්මිකයෙකුගේ මාර්ගයෙන් බවත්, අදාළ වඩු කාර්මිකයා ඊයේ මුදල් රැගෙන ගිය වෑන් රථයේ ආරක්ෂාවට සිටි සමාගමේ ආරක්ෂක නිලධාරියාගේ සොහොයුරෙකු බවත් හෙළිදරව්වී තිබේ. 

ඒ අනුව මෙම කොල්ලකෑම හිතා මතාම ඉතාම සැලසුම් සහගත ලෙස සිදුකර ඇති බවත්, මෙවන විට ප්‍රධාන ආරක්ෂක නිලධාරී ගිහාන් රාජපක්ෂ(27) ඇතුළු ආරක්ෂකයින් දෙදෙනෙක්,රියදුරු, වඩුකාර්මිකයා සහ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත්, ආයතනයකට ආරක්ෂක සේවකයින් බඳවා ගැනීමේදී ආයතන විසින් මීට වඩා සැලකිලිමත් විය යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පෙන්වා දුන්නේය. 

ආරක්ෂක නිලධාරියෙකුට මෙවැනි අවස්ථාවකදී වෙඩිතැබීම සඳහා නීතියෙන් ඉඩක් හිමිවන බවත්, මේවන විට මෙවැනි මූල්‍ය ආයතනවල ආරක්ෂක නිලධාරීන් විසින් සිදුකරන්නේ දොරවල් විවෘත කිරීම, රථ වාහන ගාල් කිරීම වැනි කටයුතු බවද ඔහු කියා සිටියේය. 

මෙම සිදුවීමට අමතරව අප්‍රේල් මස 10-20 දක්වා කාලය තුළ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් පොලීසිය විසින් ක්‍රියාවට නංවා ඇති බවද ඔහු සඳහන් කළේය. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos