ලොව ප්‍රථම ඉලෙක්ට්‍රොනික් දත් බුරුසුව ලෙස හඳුන්වන්නේ කොලි බ්‍රී ස්මාර්ට් දත් බුරුසුවයි (Kolibree smart toothbrush).
අදාල බුරුසුව විසින් දත්මදින ලද පුද්ගලයාගේ දත් මැදීමේ හරි වැරදි විශ්ලේෂණය කර අදාල උපදෙස් ස්මාර්ට් ෆෝනයේ හෝ ටැබ්ලට් තිරයක් මතට ගැනීමේ හැකියාව මේ බුරුසව සතුය.
ඉන් ඔබ ප්‍රමාණවත් කාලයක් දත් මැද්දේද, දත්වල අහුමුළු නිසි පරිදි පිරිසිදු වූයේද හා විදුරුමස් පිරිසිදු වූයේද යන කාරණා දැනගත හැකි වේ.
මේ දත්ත දන්ත වෛද්‍යවරයකු වෙත යවා නිසි උපදෙස් ලබා ගැනීමටද හැකියාවක් තිබීම එහි ඇති තවත් විශේෂත්වයකි.
කොලි බ්‍රී මෘදුකාංගය එස්සේ ස්මාර්ට් දත් බුරුසු කිහිපයක් සම්බන්ධ කිරීමේ කියාවද පවතී.
අදාල බුරුසුව මගින් දන්ත ආබාධ සුවකරගත නොහැකි වුවද, රෝගාබාධ වැලඳීම වලක්වාගත හැකි බව දන්ත වෛද්‍යවරුන්ගේ මතය වේ.