-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මැදිරිගිරිය නව නගරය වාරිමාර්ග කාර්යාලයට නුදුරු ඇළේ තිබී හමුවූ බෝම්බයකින් දරුවන් පිරිසක් බෝල ගැසූ පුවතක් මැදිරිගිරිය පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා විය.
පදුගියදා (30දා) සවස තුනට පමණ සිදුව ඇති මේ සිදුවීම පොලිසියට වාර්තා වී තිබුණේ මෙසේය. මැදිරිගිරිය නව නගරය වාරිමාර්ග කාර්යාලයට නුදුරු ජලය සිඳී යමින් පවතින මේ ඇළේ දිය කෙළියට පැමිණ සිට වයස අවුරුදු අටත් නවයත් අතර දරුවන් පිරිකට ඇළේ තිබී මේ බෝම්බය හමුව ඇත. මෙය බෝම්බයක් බව නොදත් මේ දරුවන් බෝලයක් යැයි සිතා ඉන් බෝල ගසා ඇත.

එම  අවස්ථාවේ එම ඇළ ඉවුරු මාර්ගයේ ගමන්ගත් එහි සිටි එක් දරුවකුගේ පියකු තම දරුවන් යම් වටකුරු දෙයකින් සෙල්ලම් කරනු දැක ඒ පිළිබඳ විමසිලිමත්ව ඇත. එහිදී ලීලාරත්න නමැති මේ පියා තම දරුවන් සෙල්ලම් කරමින් සිටින්නේ බෝම්බයකින් බව දැක වහාම එම බෝම්බය දරුවන්ගෙන් රැගෙන ඇළ ඉවුරේ ආරක්ෂිතව තබා වහාම මැදිරිගිරිය පොලිසිය දැනුම්වත් කර ඇත.

ඉන්පසු එම ස්ථානයට පැමිණි මැදිරිගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රදීප් විජේසේකර සහ අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප. ඒ.එම්.එන්. බණ්ඩාර ඇතුළු නිලධාරීන් මේ බෝම්බය පරීක්ෂා කර එය නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කර ඇත.

ඉජ්ට් 82 වර්ගයට අයත් මේ බෝම්බයෙන් දරුවන් සෙල්ලම් කිරීමේදී එහි ඇති ‘ග්‍රිප් ලිවර්’ එක කැඩී ඇති බව බෝම්බය පරීක්ෂා කිරීමේදී දැකගත හැකිවූ බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවැසීය. ‘ග්‍රිප් ලිවර්’ එක කැඩී ගියද එහි ඇති ආරක්ෂිත ඇණය ගැලවී නොතිබීම නිසා මේ නොදරුවන්ගේ ජීවිත අනූනවයෙන් බේරී ඇතැයි ස්ථානාධිපතිවරයා පැවැසීය.

මෙවන් හඳුනාගත නොහැකි දේවල් කොහේ හෝ තිබී යම් අයකුට හමුවුවහොත් එය පිරික්සීමට හෝ එයින් විවිධ දේවල් කිරීමට පෙර ඒ පිළිබඳ වහාම පොලිසියට දන්වන ලෙස ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටින ස්ථානාධිපතිවරයා යම් හෙයකින් මේ බෝම්බයේ ආරක්ෂිත ඇණය දරුවන් සෙල්ලම් කරද්දී ගැලවී ගියා නම් ජීවිත හානියක් සිදුවීමට ඉඩ තිබිණැයි පැවැසීය. යම් වාසනාවකට එලෙස සිදු නොවීම නිසා නොදරුවන්ගේ ජීවිත හාස්කමකින් මෙන් බේරී ඇතැයි ස්ථානාධිපතිවරයා පැවැසීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week