සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන පරිදි පළඳින හෙල්මට් (Full face helmet) පැළඳ යතුරු පැදිවල ගමන් කරන්නන් දැඩිව පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
ඒ, විවිධ අපරාධකරුවන් එවැනි හෙල්මට් පැළඳ අපරාධවල නිරත වීම හේතුවෙනි.
ඉදිරියේදී සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන පරිදි පළඳින හෙල්මට් භාවිතය ක්‍රමයෙන් තහනම් කිරීම මෙහි අරමුණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ අජිත් රෝහණ මහතා පැවසීය.