කුරුණැගල සර් ජෝන් කොතලාවල විද්‍යාලයේ විදුහල්පතිවරයා ලබන 11 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඒ, ඔහු අද කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.
ෆේස්බුක් ගිණුමක තිබූ ඡායාරූපයක් සම්බන්ධයෙන් කළ අවවාදයක් හේතුවෙන් සිසුවියක සියදිවි හානි කරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්
කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලයේ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනිණ.
ඔහු අද යළි කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණේ, ඔහුට පනවා තිබූ ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙනි.
එම නඩුවේ සාක්ෂිකරුවන්ට විදුහල්පතිවරයා අයුතු බලපෑම් කළ බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ පොලිස් ඒකකය අද කුරුණෑගල
මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
විදුහල්පතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණේ ඒ අනුව ය.
මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.