-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

වසර දෙකක පමණ කාලයක් කොස්ගම ප්‍රදේශය තුළ මැර බලය රජ කරන්නට ඉඩහැරි පොලිස් නිලධාරීන් කොස්ගම පොලිසියෙන් වෙනත් ප්‍රදේශවලට ස්ථාන මාරු දී ඉවත් කළ පසු පොලිස් විශේෂ කාර්ය බළකා (එස්.ටී.එෆ්.) කඳවුරක් ඉකුත්දා කොස්ගම සුමේධ විදුහල් පරිශ්‍රයේ ස්ථාපිත කෙරිණි.

ඒ සමඟම ප්‍රදේශයේ මැර බලය පවත්වා ගෙන ගිය ඉන්ද්‍රජිත් ගොඩමුණේ හෙවත් ගොඩයා නමැත්තා ප්‍රදේශයෙන් පලාගොස් ඇත. මෙසේ තිබියදී ඉකුත්දා රාත්‍රියේ කොස්ගම අරපන්ගම ප්‍රදේශයේ අකිල නමැත්තකුගේ නිවෙසකට කඩා වැදුණු අවිගත් පිරිසක් එම නිවෙසේ සිටි තරුණයන් 5 දෙනකු පැහැරගෙන ගොස් තිබේ.

එම නිවෙසේ තිබූ බෝම්බ රොෂාන් නමැත්තාට අයත් ලක්‍ෂ තුනක පමණ වටිනා යතුරුපැදියක්ද පැහැරගත් අවිගත් පිරිස එය අරපන්ගම මාර්ගයට ගෙන ගොස් ඊට ගිනිතබා පලාගොස් ඇත. අවිගත් පිරිස පැහැරගෙන ගිය තරුණයන්ගේ හිසේ කෙස් කපා කළුතෙල් වත්කර පෙරේදා (20දා) රාත්‍රියේ කොස්ගම නගරයට ගෙනවිත් දමා ගොස් ඇති නමුත් මෙම තරුණයන් පැහැර ගැනීම සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් කොස්ගම පොලිසියට ලැබී නැතැයි පොලිසිය පවසයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week