ඇමරිකාවේ ජීවත්වන විශාලතම සුළු ජාතික ජනගහනය වන හිස්පැනික් ප‍්‍රජාවෙන් යම් ප‍්‍රමාණයක් ඉස්ලාම් දහම වැළඳගැනීමේ නැඹුරුවක් දක්නට ඇතැයි පැවසේ.
සාමාන්‍යයෙන් කතෝලික ලබ්ධිකයන් වන ලැටිනෝ ප‍්‍රජාවේ ජනගහනය මිලියන 50ක් පමණ වේ.
ඇමරිකානු ජන සංගණනය විසින් ආගමික දත්ත රැස් නොකරන බැවින් නිවැරදිම ප‍්‍රමාණය දැක්විය නොහැකි වන නමුත් ලක්ෂයක් හෝ ලක්ෂ දෙකකට ආසන්න හිස්පැනික් ජනතාව ඉස්ලාම් දහම වැළඳගෙන ඇතැයි පැවසේ.