-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ දක්ෂිණ අ‍ධිවේගී මාර්ගය කේන්ද්‍ර කොටගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම ව්‍යාපාර ආකෘතිය වශයෙන් අහුන්ගල්ල වෙරළ තීරයේ සුපිරි සංචාරක හෝටලයක් ඉදිකිරීමට සැලසුම් කොට ඇත. අමෙරිකානු ඩොලර් මිලියන 100ක මුදලක් මේ සඳහා ආයෝජනය කිරීමට නියමිතය.

සංචාරක හෝටල් ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන සිටින එයිට්කන් ස්පෙන්ස් සමාගම මගින් මේ හෝටලය ඉදි කරයි. කාමර 500 කින් සහ මහල් පහකින් යුතු මේ තරු පහේ දැවැන්ත හෝටල් සංකීර්ණය කළමනාකරණය කිරීම සඳහා ස්පාඤ්ඤය කේන්ද්‍රකර ගත් ජාත්‍යන්තර හෝටල් ජාලයක් වන රියු හෝටල් සමාගම සම්බන්ධ වනු ඇත.

එය මේ සමාගම ආසියානු පැසිෆික් කලාපයේ මෙහෙයුමක් සඳහා සම්බන්ධ වන ප්‍රථම අවස්ථාවයි. මේ හෝටල් සංකීර්ණය ඉදිකිරීම කාලෝචිත ප්‍රයත්නයක් බවත් දක්ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට තෙක් දිගු කිරීමේ ව්‍යාපෘතිය සම්පූර්ණ කෙරෙන විට එයට සමගාමීව මෙම හෝටල් සංකීර්ණය ඉදිකෙරෙනු ඇති බවත් මේ පිළිබඳ අදහස් දක්වමින් එයිට්කන් ස්පෙන්ස් ආයතනයේ නියෝජ්‍ය සභාපති රාජන් බ්‍රිටෝ මහතා පැවසුවේය.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ පැවතීම මෙම ව්‍යාපෘතියට විශේෂ සවියක් වනු ඇති බව පැවසූ බ්‍රිටෝ මහතා රජයේ සංවර්ධන සැලසුම් කෙරෙහි පූර්ණ විශ්වාසය තබමින් මෙම නව ව්‍යාපෘතිය ආරම්භ කරන බවද සඳහන් ‍කළේය. රජයේ සංවර්ධන සැලසුම්වලට සමගාමීව තම ව්‍යාපාර ආකෘති සකසා ගැනීමට පෞද්ගලික අංශය උත්සුක වී ක්‍රියා කළ යුතු බවද බ්‍රිටෝ මහතා ප්‍රකාශ කළේය.

මේ ව්‍යාපෘතියේ විශේෂත්වයක් වන්නේ මෙය ශ්‍රී ලංකාව ආසියාවේ සංචාරක මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට විශේෂ කාර්යභාරයක් මෙමගින් සිදු වීමයි. මෙම ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් වශයෙන් සංචාරකයන් සඳහා පමණක් වෙන් වුණු ගුවන් යානා (Chartered Flights) මත්තල ගුවන් තොටුපල හරහා මෙරටට ගෙන්වීමට අවස්ථාව ලැබෙන අතර මේ යටතේ එක් පැමිණීම් වාරයකට සංචාරකයන් 700ත් 800ත් අතර ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඉඩකඩ ලැබේ. ඒ අනුව රජයේ සංචාරක ඉලක්ක සපුරා ගැනීම සඳහා ප්‍රබල දායකත්වයක් මෙම ව්‍යාපෘතිය මඟින් සැපයෙන බවත් එයිට්කන් ස්පෙන්ස් සමාගම පවසයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week