-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ්‍රී  ලංකාවේ සිටින යම්කිසි අන්තවාදී කොටස් ජාත්‍යන්තර ත්‍රස්තවාදී කණ්ඩායමක සහාය ලබාගෙන ඉදිරියේදී රට තුළ කැලඹිලි ස්වභාවයක් ඇතිකිරීමට ඉඩ තිබෙන හෙයින් එයට මුහුණදීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය ප්‍රතිසංවිධානය කිරීමට නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය තීරණය කොට තිබේ. එම අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි මහතා සඳහන් කෙළේ කලින් පැවැති ත්‍රස්තවාදයට වඩා ඉතා භයානක ආකාරයෙන් එය පැමිණීමට ඉඩකඩ ඇති බැවින් ඒ සඳහා සූදානම් විය යුතු බවයි.

පසුගියදා තමා කළුතර පොලිස් විශේෂ කාර්ය බළකායේ කඳවුර පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව උසස් නිලධාරීන්ට මේ අවදානම ගැන කරුණු පැහැදිලි කළ බව නන්ද මල්ලවාරච්චි මහතා ‘මව්බිම’ට පැවැසීය.

එම ප්‍රතිසංවිධාන ක්‍රියාදාමය යටතේ නවීන පන්නයේ ගිනි අවි දැනට අවශ්‍ය නොවුණද දැනට තියෙන ගිනි අවියේ එක් උණ්ඩයකින් එක් අයකු බිම හෙළිය හැකි අයුරින් පොලිස් විශේෂ කාර්ය බළකායේ ගිනි අවි පුහුණු ශක්තිය වැඩිදියුණු කිරීමට පියවර ගන්නා බවද මේජර් ජනරාල්වරයා පැවැසීය.
ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානයක් වන අල්කයිඩා සංවිධානය හැමදාම ඇෆ්ගනිස්තානය, පාකිස්තානය වැනි රටවල බෝම්බ පිපිරවීම් සිදුකරන බවත්, නැවැත වරක් ඒ බෝම්බ සංස්කෘතිය ලංකාවට පැමිණියහොත් එය වළක්වා ගැනීමට සියයට 75ක වගකීම ඇත්තේ පොලිසියට බවත් මේජර් ජනරාල් මල්ලවාරච්චි මහතා සඳහන් කෙළේය.

ඔහු එහිදී මෙසේද පැවැසීය.
“යුද්ධයක් තිබිලා ඉවරවුණු විට යුද්ධයක් නැවැත එන්නේ නැතිවේවි කියල අපි හරි සතුටින් ඉන්නවා. නමුත් අපි හැමවෙලාවෙම යුද්ධයක් ඒවි කියන මානසික තත්ත්වයකින් තමයි ඉන්න ඕනෑ, ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ කෑල්ලක් හැටියට මෙරට තුළ අභ්‍යන්තරව යම්කිසි ප්‍රශ්නයක් ඇතිවේවි යන හැඟීමෙන් සූදානම්ව සිටිය යුතු බවද ඒ මහතා පැවැසීය.

මේ අතර පසුගිය සතියේ වවුනියා හමුදා කඳවුර නිරීක්‍ෂණය සඳහා ගිය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා සඳහන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයෙන් ගොස් එම ප්‍රවාහයෙන් පිට පනින අයට යෑමට සිදුවන්නේ ප්‍රභාකරන් ගිය දිසාවටම බවයි.පසුගියදා තමා කළුතර පොලිස් විශේෂ කාර්ය බළකායේ කඳවුර පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව උසස් නිලධාරීන්ට මේ අවදානම ගැන කරුණු පැහැදිලි කළ බව නන්ද මල්ලවාරච්චි මහතා ‘මව්බිම’ට පැවැසීය.
එම ප්‍රතිසංවිධාන ක්‍රියාදාමය යටතේ නවීන පන්නයේ ගිනි අවි දැනට අවශ්‍ය නොවුණද දැනට තියෙන ගිනි අවියේ එක් උණ්ඩයකින් එක් අයකු බිම හෙළිය හැකි අයුරින් පොලිස් විශේෂ කාර්ය බළකායේ ගිනි අවි පුහුණු ශක්තිය වැඩිදියුණු කිරීමට පියවර ගන්නා බවද මේජර් ජනරාල්වරයා පැවැසීය.

ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානයක් වන අල්කයිඩා සංවිධානය හැමදාම ඇෆ්ගනිස්තානය, පාකිස්තානය වැනි රටවල බෝම්බ පිපිරවීම් සිදුකරන බවත්, නැවැත වරක් ඒ බෝම්බ සංස්කෘතිය ලංකාවට පැමිණියහොත් එය වළක්වා ගැනීමට සියයට 75ක වගකීම ඇත්තේ පොලිසියට බවත් මේජර් ජනරාල් මල්ලවාරච්චි මහතා සඳහන් කෙළේය.

ඔහු එහිදී මෙසේද පැවැසීය.
“යුද්ධයක් තිබිලා ඉවරවුණු විට යුද්ධයක් නැවැත එන්නේ නැතිවේවි කියල අපි හරි සතුටින් ඉන්නවා. නමුත් අපි හැමවෙලාවෙම යුද්ධයක් ඒවි කියන මානසික තත්ත්වයකින් තමයි ඉන්න ඕනෑ, ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ කෑල්ලක් හැටියට මෙරට තුළ අභ්‍යන්තරව යම්කිසි ප්‍රශ්නයක් ඇතිවේවි යන හැඟීමෙන් සූදානම්ව සිටිය යුතු බවද ඒ මහතා පැවැසීය.

මේ අතර පසුගිය සතියේ වවුනියා හමුදා කඳවුර නිරීක්‍ෂණය සඳහා ගිය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා සඳහන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයෙන් ගොස් එම ප්‍රවාහයෙන් පිට පනින අයට යෑමට සිදුවන්නේ ප්‍රභාකරන් ගිය දිසාවටම බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos