-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පසුගිය සමයේ අයාලේ ගොස් තිබූ අධිකරණ පද්ධතිය වර්තමාන අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පත්වූ පසු යථා තත්ත්වයට පත් කළා යැයි කොටුව මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා පැවැසීය.

ඔහු එසේ ප්‍රකාශ කළේ අගවිනිසුරු මොහාන් පීරිස් මහතා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ අඩුපාඩු සොයා බැලීම සඳහා පැමිණි අවස්ථාවේ පිළිගැනීමේ කතාව පවත්වමිනි.

වැඩිදුරටත් කතා කළ මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාගෙන් පසු මෙම අධිකරණයට පැමිණි ප්‍රථම අගවිනිසුරුවරයා මොහාන් පීරිස් මහතා වන බවත් ඔහු සෑම අවස්ථාවකම අධිකරණය පිළිබඳ සොයා බැලූ බවත් ප්‍රකාශ කළේය.

එමෙන්ම මම කන්තලේ මහෙස්ත්‍රාත් ලෙස සේවය කරන අවස්ථාවේ සරත් නන්ද සිල්වා මහතා සේරුවාවිල යන ගමන් මගේ නිල නිවසට පැමිණියා. ඔහු එහි නාන කාමරයේ පවා අඩුපාඩු සොයා බැලුවා. ඉකුත් වසර දෙක තුනක කාලයක් මෙම අධිකරණය අයාලේ ගිය එම ක්‍රියාදාමය මෙම අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පැමිණි පසු නැවැත යථා තත්ත්වයට පත්වුණා.

මම මේවා කියන්නේ කාටවත් අපහාස කරන්නට නෙවෙයි. මෙම අධිකරණය පිහිටා තිබෙන්නේ කොළඹ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානය කේන්ද්‍රකරගෙන වන අතර එය නවීකරණය වන කොළඹට අනුව නවීකරණය විය යුතුයි. මෙහි භෞතික තත්ත්වය ගැන සොයා බැලුවහොත් මෙය නවීනත්වයට ගැළපෙන උසාවියක්ද කියල හිතෙනවා යැයි ද තවදුරටත් පවසා සිටියේය.

කොටුව අධිකරණයේ නීතිඥ සංගමය වෙනුවෙන් ස්තුති කතාව කළ නීතිඥ ජයන්ත ඩයස් නානායක්කාර මහතා කොළඹ ගලධාරි හෝටලය ඉදිකර තිබෙන ස්ථානයේ මෙම අධිකරණය පැවැති බවත් 1981 වර්ෂයේ මෙම ස්ථානයට රැගෙන ආ බවත් එදා සිට මෙදා දක්වා රටේ ආර්ථිකයට අදාළ නඩු රැසක් මෙහි විභාග කර ඇති බවත් පැවැසීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos