පෙම්වතාගේ මව විවාහයට අකැමැති වීම නිසා ඔහුගේ නිවෙස ඉදිරිපිටට ගොස් වස පානය කළ තරුණියක් දින 11ක් පුරා නුවරඑළිය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිහිසුන්ව සිටින බව නුවරඑළිය පොලිසිය පවසයි. මෙසේ වස පානයකොට ඇත්තේ පලාගොල්ල ප්‍රදේශයේ පදිංචි ශාන්තිනී රත්නායක නම් 24 හැවිරිදි තරුණියකි. ඇය නුවරඑළිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක රැකියාවක නිරතව සිට ඇත.
කුඩාඔය ප්‍රදේශයේ පෞද්ගලික බස් රථ රියැදුරකු සමඟ ඇය වසර 10ක් තිස්සේ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බව තහවුරු වී ඇත.
විවාහයක් ගැන එම පෙම්වතාගේ තීරණයක් නොමැති නිසා මේ ගැන විමසීමට ඔහුගේ නිවෙසට ගොස් ඇති ඇයට පෙම්වතාගේ මව විසින් බැන වැදී ඇති බව පසුව හෙළිවිය.
විවාහයක් ගැන එම පෙම්වතාගේ තීරණයක් නොමැති නිසා මේ ගැන විමසීමට ඔහුගේ නිවෙසට ගොස් ඇති ඇයට පෙම්වතාගේ මව විසින් බැන වැදී ඇති බව පසුව හෙළිවිය.
පසුගියදා දෙවැනි වරටත් කැමැත්ත ගැනීමට ගොස් නොලැබුණු විටදී ඇය වස පානය කොට සිහිසුන්ව මිදුලේ වැටී සිටියදී පෙම්වතාගේ ඥාතියකු එය දැක ඇය රෝහල්ගත කොට ඇති බව කියයි.
පෙම්වතාගේ පවුලේ අය ඇයව රෝහල්ගත කිරීමේදී රෝගියාගේ භාරකරුවාගේ ලිපිනය ලෙස සඳහන් කොට ඇත්තේ තරුණියගේ ලිපිනයයි. රෝහලේ සේවය කරන හිතවතකු මඟින් මෙම රෝහල්ගත වීම ගැන දැනගන්නාතුරු ඒ කිසිවකු තමන් දැනුම්වත් නොකළ බව තරුණියගේ පියා පවසයි.
නුවරඑළිය සහකාර පොලිස් අධිකාරි ජී. විමලදාස මහතා සහ මූලස්ථාන පොලිස් පරීක්‍ෂක ආර්. එම්. කමල් රණවීර යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය මත සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති ලක්‍ෂ්මන් අබේරත්න මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.