-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

බම්බලපිටිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස්‌ ඝාතනය කිරීම සම්බන්ධයෙන් පවත්වනු ලබන පරීක්‍ෂණයේ සාක්‌කිකරුවන්ට කිසිදු බලපෑමක්‌ හෝ තර්ජනයක්‌ සිදු නොකරන බවට පැවසීම මත සිද්ධියට අදාළව රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන සැකකරුගේ බිරිඳ වන ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා නමැත්තියට කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ඒ. එම්. සහබ්දීන් මහතා ඊයේ (04 දා) අවවාද කර මුදා හරිනු ලැබුවේය.

සිද්ධියට අදාළව පරීක්‍ෂණ පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක්‌ අනුව පැමිණිල්ල යළි කැඳවීමට නියමිත ලබන 09 දා ඇයට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබූ අතර අධිකරණය වෙත ඉල්ලීමක්‌ කරමින් ඇය ඊයේ (04 දා) පෙනී සිටියාය.

ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා කරුණු දක්‌වමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කියා ඇති ආකාරයේ තර්ජනයක්‌ හෝ බලපෑමක්‌ ඇය සිදුකර නොමැති බවත් නීතියේ කාර්ය පටිපාටියට බැහැරින් සාක්‌කි නිර්මාණය කර ගැනීමේ කාර්යයක ඔවුන් නිරතව සිටින බවත් කියා සිටියේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇය හා ඇගේ පුත්‍රයාද මෙම නඩුව සඳහා ඈ¹ ගැනීමට උත්සාහ කරන බව පැවසූ පතිරණ මහතා රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින සිය ස්‌වාමිපුරුෂයාට ඇප ලබා ගැනීමේදී එයට විරුද්ධ වීමට කරුණු සකසා ගැනීමක ඔවුන් යෙදී ඇති බවත් නීතිගරුක ලෙසින් ජීවත්වන ඇය වෙතින් කිසිදු බලපෑමක්‌ සිදු වී නොමැති බවත් කියා සිටියේය.

මෙම පැමිණිල්ලේ අනෙක්‌ සැකකරුවන් ඇගේ ස්‌වාමිපුරුෂයා යටතේ සේවය කළ වසර හත අටක්‌ සබඳතා ඇති අය බවත් ඔවුන්ට කරදරයක්‌ ව්‍යසනයක්‌ වූ විට සොයා බැලීම ඇගේ යුතුකමක්‌ බවත් කියා සිටි අජිත් පතිරණ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මෙම ක්‍රියා කලාපය තුළ කිසිදු ආරක්‍ෂාවක්‌ රැකවරණයක්‌ නොමැති ඇය හා ඇගේ පවුල වෙත තර්ජනයක්‌ එල්ල වී ඇති බවත් කියා සිටියේය.

කිසිදු සාක්‌කිකරුවකුට දුරකථන ඇමතුම් ලබා ගැනීම පමණක්‌ නොව එන ඇමතුම්වලට පිළිතුරු දීමෙන් පවා ඇය වැළකී සිටීමට සූදානම් බව ද පැවසූ අජිත් පතිරණ මහතා ඇය කිසිදු සාක්‌කිකරුවකුට තර්ජනයක්‌ හෝ බලපෑමක්‌ සිදු නොකරන බවට අධිකරණයට පොරොන්දු වෙන බව ද කියා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි අවධානය යොමු කළ මහෙස්‌ත්‍රාත්වරයා සිද්ධියට අදාළ පරීක්‍ෂණයේ සාක්‌කිකරුවන්ට කිසිදු බලපෑමක්‌ හෝ තර්ජනයක්‌ සිදු නොකරන බවට පැවසීම මත ඇයට අවවාද කර මුදාහරින බවත් පැමිණිල්ල කැඳවන ලබන 09 දා පෙනී සිටීමට අවශ්‍ය නොවන බවත් දන්වා සිටියේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week