ශිරාන් රණසිංහ
ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙරටට ගෙන්වා ඇති ගුවන් යානා තෙල් මෙටි්‍රක් ටොන් පන්දහසක් ප්‍රමිතියෙන් තොර බාල තෙල් බවට කොළොන්නාව තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ රසායනාගාර පරීක්‍ෂණවලින් තහවුරු වී තිබේ.
මෙරටට තෙල් ගෙන්වීමට කිසිදු අවසරයක් හෝ බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙම තෙල් තොගය ගෙන්වා ඇතැයි ද තෙල් සංස්‌ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් "දිවයින"ට පැවසීය.
මේ වන විට එම තෙල් තොගය ගොඩබා ඇතැයි හෙතෙම පැවසීය.
ගුවන්යානා තෙල් තොගය නිසි ප්‍රමිතියෙන් යුක්‌ත නොවන බැවින් මෙම තෙල් තොගය භූමිතෙල් ලෙස භාවිතයට ගැනීමට සිදුවනු ඇති බවත් එසේ වුවහොත් විශාල පාඩුවක් දැරීමට සිදුවන බවත් එම නිලධාරියා කියා සිටියේය.
හම්බන්තොට වරායේ ඉදිකළ තෙල් අංගන හා මත්තල ගුවන් තොටුපළේ ඉදිකළ තෙල් අංගනද නිසි ප්‍රමිතියකින් ඉදිකර නැති බවත් මේ වනවිට එහි අඩුපාඩු සැකසීම සඳහා ඛනිජ තෙල් සංස්‌ථාවේ විශේෂඥ නිලධාරින්ගේ සහාය ගැනීමට සිදුව ඇති බවත් හෙතෙම තවදුරටත් පැවසීය.
ඉන්දියන් තෙල් සමාගමට පවා, ගුවන් යානා තෙල් (ජෙට් ඔයිල්) ආනයන කිරීමට අවසර දී නැති මුත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ප්‍රියත් බන්දු වික්‍රම මහතා ඇතුළු නිලධාරීන් මෙම ගුවන්යානා තෙල් ගෙන්වීම මවිතයක් බවත් තෙල් සංස්‌ථා නිලධාරීහු පවසති.
බාල ගුවන්යානා තෙල් වරායෙන් ගෙන්වලා
2013-07-05T14:43:00+05:30
Janith
Local news|