-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ෆේස්බුක් සමාජයීය වෙබ් අඩවිය තුළ මිතුරකු නොවූ අයකුගේ හෝ පුද්ගලික පුවරුවෙහි සටහනක් යෙදිය හැකි වීමේ දෝෂයක් වාර්තාකිරීම සඳහා පලස්තීන තොරතුරු පද්ධති විශේෂඥයෙකු විසින් ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග්ගේ පුවරුවේ සටහනක් යොදා ඇතැයි වාර්තා වේ.

කාලිල් ලෙස හඳුන්වාගන්නා මොහු විසින් මීට පෙර මේ දෝෂය පිළිබඳව ෆේස්බුක් නියාමන නිලධාරීන් වෙත දෙවරක් වාර්තා කර තිබුණද ඒ සඳහා කිසිදු පියවරක් නොගත් බව පැවසේ.

පලස්තීන විශේෂඥයා විසින් මේ දෝෂය භාවිතා කළ හැකි ආකාරය යූටියුබ්හි වීඩියෝවක් මගින් පවා පෙන්වා දී ඇති අතර ඔහුගේ දෙවන උත්සහයේදී ෆේස්බුක් ආරක්ෂක කණ්ඩායම ඔහු වෙත දන්වා ඇත්තේ එය දෝෂයක් නොවන බවයි.

ගන්නා ලද සියලූ උත්සහයන් අසාර්ථක වීමෙන් පසු ෆේස්බුක් නිර්මාතෘවරයාගේ ගිණුමේ නීතිවිරෝධී සටහනක් යෙදීම හැර තමන් සතු විකල්පයක් නොවූ බව කාලිල්ගේ සටහනේ සඳහන් වේ.

මේ සමග බලධාරීන් කාලිල්ගේ ගිණුම අත්හිටුවා දෝෂය නිවැරදි කර ඇතැයි වාර්තා වේ.  දෝෂයක් වාර්තා කිරීම වෙනුවෙන් ෆේස්බුක් විසින් අවම ඩොලර් 500ක ත්‍යාග මුදලක් පිරිනමන බව දන්වා තිබුණද ඒ සඳහා අනුගමනය 
කළ යුතු ක‍්‍රමවේද රැසක් පවතින බව පැවසේ.

ඒ ආරක්ෂක රෙගුලාසි උල්ලංඝනය කෙරී ඇති හෙයින් කාලිල්ගේ අනාවරණය සඳහා කිසිදු ත්‍යාග මුදලක් ලබා නොදෙන බව දක්වා ඇති ෆේස්බුක් බලධාරීන් කාලිල්ගේ ගිණුම නැවත සක‍්‍රිය කරමින් පවසා ඇත්තේ තවත් දෝෂයන් හෙළිදරව් කිරීම සඳහා කාලිල් සහයෝගයෙන් ක‍්‍රියාකරනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week