-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

1997 අගෝස්තු 31දා ප‍්‍රංශයේ උමං මාර්ගයකදී රිය අනතුරකින් ඩයනා කුමරිය, ඇගේ පෙම්වතා වූ ඩොඞී අල් ෆයෙඞ් සහ රථයේ රියදුරු මියයාමේ සිදුවීම පසුපස බි‍්‍රතාන්‍ය SAS බලකාය සිටි බවට ලද තොරතුරක් විමර්ෂණය කරමින් සිටින බව ස්කොට්ලන්ඞ් යාඞ් පොලිසිය වාර්තා කර තිබේ.
පිස්තෝලයක් හා උණ්ඩ 338ක් තම නිදන කාමරයේ නීතිවිරෝධීව තබාගැනීමට චෝදනා එල්ලවී ඇති විශේෂ බලකායේ ස්නයිපර්කරු සාජන්ට් ඩැනි නයිටින්ගේල්ට එරෙහිව පැවැත්වෙන දෙවන යුධ අධිකරණයේදී මෙම තොරතුර හෙළිදරව් වී ඇතැයි පැවසේ.

නයිටිංගේල්ගේ නිවසේ රැඳී සිටි සෙබළ N නමැති අයගේ සුළු මව්පියන් 2011 සැප්තැම්බර් මසදී විශේෂ බලකායේ කමාන්ඩර්වරයාට ලිපියක් මගින් දන්වා ඇත්තේ ඩයනා කුමරියගේ ඝාතනය පසුපස විශේෂ බලකාය සිටින බව සහ ඒ පිළිබඳ කරුණු වළදමා ඇති බව සෙබළ N නමැති අය තමන්ට පැවසූ බවයි.
රාජකීය හමුදා පොලිසිය විසින් ස්කොට්ලන්ඞ් යාඞ් වෙත මෙම තොරතුරු ලබාදී ඇති අතර එහි විශ්වාසනීයබව සහ අදාළත්වය පිළිබඳ විමසීමක් සිදුකරමින් පවතින බව ඔවුන් පවසා ඇත.

2004දී රාජකීය මරණ පරීක්ෂකවරයා විසින් විමසන ලදුව ස්කොට්ලන්ඞ් යාඞ් ප‍්‍රධානි ස්ටීවන්ස් සාමිවරයා විසින් ඇරඹූ පැජෙට් මෙහෙයුම සහ ඊට අදාළ අධිකරණ කටයුතු 2008දී අවසන් කළ අතර පොලිසිය පවසන්නේ නව තොරතුර සමග ඩයනා ඝාතනය පිළිබඳ යළි පරීක්ෂණයක් හෝ පැජෙට් මෙහෙයුම යළි ආරම්භ නොකරන බවයි.
ඩයනා කුමරිය සහ ඩොඩි මියගියේ රියදුරු හෙන්රි පෝල් බීමතින් රිය ධාවනය කළ නිසා සිදුවූ අනතුරකින් බව 2008දී නිගමනය කරන ලද අතර ඒ ක‍්‍රියාවලිය සඳහා ස්ටර්ලිං පවුම් මිලියන 8ක් වියදම් වූ බව ස්කොට්ලන්ඞ් යාඞ් විසින් හෙළිකරන ලදී.  නව හෙළිදරව්ව පිළිබඳව රාජකීය පවුල විසින් කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නොමැති බව වාර්තා වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week