-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මරණ දඬුවම නියමවූවන් සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින්නන් ඇතුළු වයස අවුරුදු 60ට වැඩි සියලූම සිරකරුවන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීම පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අවධානය යොමු වී ඇතැයි පුනරුත්ථාපන සහ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.
ඒ අනුව ඔවුන් ගෙවා ඇති සිරදඬුවම් කාලය පිළිබඳ වාර්තාවක් ඉදිරි දින කීපය තුළදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව පුනරුත්ථාපන සහ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතා පැවැසීය.
ජනාධිපතිවරයා විසින් කරන ලද දැනුම් දීමකට අනුව මෙම වාර්තාව සකස් කළ බවද ඇමැතිවරයා කීය.
විවිධ චෝදනාවලට වරදකරුවන් වී බන්ධනාගාරගත කෙරුණු වයස අවුරුදු 60ට වැඩි සිරකරුවන් 796 ක්ද, වයස අවුරුදු 70ට වැඩි 62ක්ද මේ වනවිට බන්ධනාගාරවල සිටින බව අමාත්‍යවරයාගේ වාර්තාවෙන් අනාවරණය වෙයි.
මරණ දඬුවම් නියම වූවන් අතර වයස අවුරුදු 70ට වැඩි සිරකරුවන් 21 ක් සිටින බවද එම වාර්තාවේ දැක්වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week