-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පිටසක්වල ජීවීන් ගැන පර්යේෂණ කරන්නේ යයිද පැවසෙන ඇමරිකා එක්සත් ජනපදයේ නෙවාඩා කාන්තාරය මධ්‍යයේ පිහිටි ඒරියා 51 නම් අභිරහස් ප‍්‍රදේශය පිළිබඳව ඇමරිකානු රජය විසින් අනාවරණය කර ඇති බව වාර්තා වේ.

තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ජෝර්ජ් වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ ජාතික ආරක්ෂක ලේඛනාගාරය විසින් U-2 චරපුරුෂ යානා ව්‍යාපෘතිය පිළිබඳව සිදුකළ විමසීමකට පිළිතුරු වශයෙන් ඊට අදාළ සී.අයි.ඒ සංවිධානයේ ඉතිහාසය පිළිබඳ වාර්තාවක් ලබාදී ඇත.

ජාතික ආරක්ෂක ලේඛනාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී ජෙෆ්රි රිචෙල්සන් පවසන්නේ සති කිහිපයකට පෙර තමන් තොරතුරු තම ආයතනය අත පත්වුනේ 2005දී සිදුකළ ඉල්ලීමකට බවයි.

U-2 ව්‍යාපෘතියේ සිටි නියමුවන්ගේ නම්, සංකේතනාමයන් සහ යානා 1950 දශකයේදී යානාව අත්හදාබැලූනු රහසිගත ප‍්‍රදේශයේ සිතියමක්ද අනාවරණය කළ තොරතුරු අතර වන බව ලේඛනාගාර වෙබ් අඩවිය වාර්තා තර තිබේ.

සෝවියට් දේශය සමග අවි තරගය පැවති සමයේදී U-2 චරපුරුෂ යානාව අත්හදාබැලීම සඳහා සුදුසු ස්ථානයක් සෙවීමේදී 1955 අපේ‍්‍රල් 12දා ගෲම් ජලාශය ආශ‍්‍රිතව ගැලපෙන ස්ථානයක් හමුවූ බවත් ඒ මුඩුබිමට ජනාධිපති අයිසන්හවර් විසින් ඒරියා 51 යන නම ලබාදුන් බවත් ග්‍රෙගරි ඩබ්. පෙඞ්ලොව් සහ ඩොනල්ඞ් ඊ. වෙල්සෙන්බාක් විසින් රචිත වාර්තාවේ සඳහන් වේ.

U-2 චරපුරුෂ යානාව අඩි 70000ක් පමණ ඉහළින් පියාසැරීම සමග පිටසක්වළ යානා පිළිබඳ කටකතාවක් පැතිර යාම ඇරඹුනු බව ඔවුන් දක්වා තිබේ.  නමුත් ඒරියා 51 අභිරහස පිළිබඳ මත පළකළ බොහෝදෙනෙක් පවසන්නේ මෙම චරපුරුෂ යානා ව්‍යාපෘතියට එපිටින් ඒ තුළ ක‍්‍රියාකාරකම් සිදුවූ බවයි.

1947දී රොස්වෙල් ප‍්‍රදේශයට හඳුනා නොගත් ආකාශ වස්තුවක් කඩාවැටීම සමග පිටසක්වළ ක‍්‍රියාකාරකම් පිළිබඳ සැකය වර්ධනය වූ අතර ඇමරිකානු ආරක්ෂක නිලධාරීන් පැවසුවේ ඒවා කඩාවැටුනු බැලූනයක කොටස් බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week